IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාපැදි පුහුණුකරු පාඨමාලාව අසමත් අයටත් සමත් සහතික දීලා

මෙරට පාපැදි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් පැවැත්වීමට පාපැදි අතුරු කමිටුව දැරූ උත්සාහය තෙවතාවක්ම අසාර්ථක වී ඇතැයි වාර්තාවේ. ඒ සඳහා තාක්ෂණික කමිටුව පසුගිය මැයි 9-10, මැයි 19-20 හා ජූනි 9-10 යන දිනවලදී වැඩමුළුව පැවැත්වීමට ගත් උත්සාහයන් තුනක් අසාර්ථක වූ බව දැනගන්නට ඇත. වාර්තාවන පරිදි වසර 2008 දී මෙරටදී පැවැත්වූ පාපැදි පුහුණුකරු අදියර-1 පාඨමාලාවේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන බව කියන අර්බුදයක් මේ තත්ත්වයට හේතුවී තිබේ. එම වසරේ මාර්තු 12 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹදී බි‍්‍රතාන්‍ය ජාතික පාපැදි විනිසුරු ටෝනි හෝක් මහතා මෙහෙයවූ පුහුණුකරුවන්ගේ පාඨමාලාවට අපේක්ෂකයන් 32 කගෙන් එය සමත්ව ඇත්තේ 21 දෙනකු පමණි. අසමත් සංඛ්‍යාවෙන් දෙදෙනකු එහිදී ලබා ඇත්තේ ලකුණු 11ක් බැගිනි. ලකුණු 40න් ඉහළ ලබාගත් අය සමත් වූවන් ලෙස සැලකුණත් පසුව එය ලකුණු 35ට අඩු කිරීමට හෝක් මහතා එකඟ වූ බවද වාර්තාවේ. කෙසේ වුවත් සමත්වූවන් ලෙස සලකන ලකුණු ගණන තවදුරටත් අවම කිරීමට ඔහුට බලපෑම් එල්ල වී තිබෙන අතර අවසානයේදී ඔහු අවශ්‍ය නම් මුල් ප‍්‍රතිඵල අවලංගු කර නැවත විභාගය පැවැත්විය හැකි බවට ඔහු අදහස් දක්වා තිබූ බවද වාර්තාවේ. එකල පාපැදි සම්මේලනයේ නිලධාරීන් කීප දෙනකුගේ වුවමනාව මත තමන්ට අවශ්‍ය පුද්ගලයන් පාඨමාලාවෙන් සමත්කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීම නිසා පසුව විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සියලූ දෙනාම සමත් බවට දන්වමින් සහතික නිකුත් කිරීමට පියවර ගත් බවට මේ වනවිට එල්ල වී තිබෙන චෝදනාවකි. කෙසේ වුවත් මෙම තොරතුරු හෙළිකරගෙන ඇත්තේ අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ලබා ගත් බව කියන විභාගයේ නිල ප‍්‍රතිඵල විමර්ෂණය කිරීමෙන් පසුවය. මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට ද මේ වනවිට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු පැවසුවේ කරුණු පිරික්සීම සඳහා එය ක‍්‍රීඩා ඇමැතිවරයාට යොමු කිරීමට පියවර ගත් බවය. කෙසේ වුවත් මේ සිද්ධිය ගැන පාපැදි අතුරු කමිටුවේ වත්මන් නිලධාරීන් බහුතරයකගේ අදහස වී ඇත්තේ නැවත අර්බුදයක් ඇති නොවීමට සියලූ දෙනා පාඨමාලාව සමත් වූ බවට එවකට පාපැදි සම්මේලනය ලබාදුන් බව කියන සහතිකය පිළිගෙන කටයුතු කළ බවය.



අදහස් (0)

පාපැදි පුහුණුකරු පාඨමාලාව අසමත් අයටත් සමත් සහතික දීලා

Monday, 25 June 2012 02:47 PM

ගානක් නැහැ මොකද අපේ රටේ දොස්තර විභාග පාස් නොකර ඔය ඕනේ තරම් බෙහෙත් දෙනවා අපි පත්තර වල දැකල තිඑන්නේ //////ඕක මොකද්ද ....සිම්පල් නේ ///////ඔය සුදුසු කම් නැති කට්ටිය ලොකු ලොකු පුටුවල නැව් ගණන් ඉන්නේ සිම්පල් නේ . යන් යන් ,,,,,,ඔහොමම යන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site