
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කළොත් පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.
ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 සිට 265 දක්වා අඩු කළ ද කිසිසේත් පාන් ,බනිස් මිල අඩු කළ නොහැකි බවද ඔහු කීය.
ඉතාමත් පහසුවෙන් පිටි කිලෝවක් රුපියල් 250කට ලබා දිය හැකිව තිබිය දී සමාගම් දෙක පිටි මිල වැඩි කිරීම ඉතා අසාධාරණ මෙන්ම සමස්ත බේකරි හිමියන් සහ පාරිභෝගිකයන් ද පීඩාවට පත් කිරීමක් බවද ජයවර්ධන මහතා පැවසීය.
මේ අතර තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කිරීමට රාජ්‍ය මැදිහත්වීම අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් තිරිඟු පිටි කිලෝව රුපියල් 320 සහ 285 වශයෙන් අලෙවි කරමින් සමාගම් දෙක අධික ලාභ ලබන බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් මිල බස්සන හැටි සභාපති කියයි
Rexi Friday, 21 October 2022 03:02 PM
ලොක්කා.කොහොමත් දැන් අපි නිකන් කන්නේ නැහැ.ඔයා අඩු කලත් එකයි නැතත එකයි .කාලකන්නි