කොපුව ගලවනවිට පුපුරා යන ලෙස මාකර් වර්ගයේ පෑනක සවිකළ බෝම්බයක්, මෙරට සහ පිටරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, බෝර 12 පතරෝම තුවක්කුවක්, සී4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්, සේවා නූල් සහ පිපිරවූ පැරා වෙඩිල්ලක කොපුවක් සමග තරුණයෙක් සැකපිට පනාමුර වළල්ගොඩදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඇඹිලිපිටිය පොලීසියේ පරිසර ඒකකයෙන් 17දා සවස කළ වැටලීමකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ අත්අඩංගුවට පත් තරුණයාගේ නිවසේ තිබියදී ය. ප්‍රදේශයට නිතර ප්‍රභූන් පැමිණෙන නිසා එම ප්‍රභූවරයකු ඉලක්කය වූයේදැයි සොයන බව පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පෑන් බෝම්බයක් පනාමුරෙන්
චමින්ද Tuesday, 19 February 2013 01:40 AM
මෙන්න මේ පෑන ගැන නම් මටත් සැකයි. මෙතන මොකක් හරි පැලෑන් එකක් තියෙනව වගේ.(නදී)
ජීවන් Monday, 18 February 2013 05:26 PM
වෙන්න බැහැනේ. (නි)
අසංග Tuesday, 19 February 2013 08:42 AM
අනුන්ගේ පරිප්පුවක් කාලා තියෙන්නේ.(නදී)
පෙරේරා Monday, 18 February 2013 06:58 PM
මාකර් වර්ගයේ පෑනක්ද? නැත්නම් පාකර්ද? (නි)
චමී Monday, 18 February 2013 11:50 AM
හොඳ නිමැවුමක්. එයාගේ මොලේ යොදවන්න පුළුවන් නම් වෙන දේකට කොච්චර වටිනවද ? . (ස)
ඉෂාන් Monday, 18 February 2013 12:09 PM
අමරෙගේ වැඩද?(නදී)
සරත් Monday, 18 February 2013 12:24 PM
චමී, එයා හොදම දේට තමයි මොලය යොදවලා තියෙන්නේ. (නදී)
චමින්ද Monday, 18 February 2013 07:59 PM
මේවා නිපදවනවා නම් මොනවාහරි අරමුණක් නම් තියෙනවා.(නදී)
ලලිත්-කටාර් Monday, 18 February 2013 01:25 PM
මේවා මෙහෙ හදාපු ඒවද? නැත්නම් සුදුසු වෙලාවට පාවිච්චි කරන්න කාගෙන් හරි ගෙනාපු ඒවද?(නදී)
සරත් Monday, 18 February 2013 01:29 PM
හරි මග පෙන්වීමකින් ඔහු යහමගට ගැනීමට හැකිවේවි. (නි)
අර්ජුන Tuesday, 19 February 2013 11:21 AM
බලන්න ඒ මනුස්සයා කොච්චර වටිනවාද, අල්ලලා හිරේ දාන්න නොවෙයි, ඒ වැඩේ කොහොමද කරන්නේ, ඒකේ තාක්ෂනය ගැන ඉගෙනගන්න (දී)
චමී Monday, 18 February 2013 02:39 PM
ජීවිතයක් විනාශ කරන එක හොද දෙයක් නෙමෙයි. (නදී)
ගාමිණී Monday, 18 February 2013 09:50 PM
මේ තරුණ ළමයට දඩුවම් කිරීම වැරදියි. (නි)