(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාන් පිටි කිලෝවක මිල එන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාන් පිටි කන්ටේනර් සියයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් ඒවා ගොඩබෑම මේ වනවිට ආරම්භවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාන්පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටළුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි සඳහන් කළ නලින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්නය ඇතිවුණේ පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා බවද ප්‍රකාශ කළේය.
ඊට පසු ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කෙරුණු බවත් ගෙන්වීමේ ප්‍රමාදය නිසා පාන් පිටි මිල ඉහළ ගිය බවත් ඔහු කීවේය.
ප්‍රශ්නය යොමු කරමින් අදහස් දැක්වූ රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පැකට් කළ පාන් පිටි මිල රුපියල් 450 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් පිටි මිල අඩු වෙයි?
යෝගා Monday, 03 October 2022 03:16 PM
ඔය මොකක් අඩු කළත් බේකරිකාරයොයි, කඩකාරයොයි ජනතාව හූරන් කන එක නවතන්නේ නෑ. බත් පැකට් එක, පාන් ගෙඩිය අඩු කරන්නෙත් නෑ...!
රනේ Monday, 03 October 2022 06:47 PM
අත්හැරීම තුළින් ජයලබමු.