(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාන් සමග මස් කෑල්ලක් කන්න ශක්තියක් නැති මිනිසුන්ගෙන් බදු එකතු නොකර බදු ගෙවන්නට හැකියාවක් ඇති පිරිසගෙන් බදු අය කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජ්‍යයට ආදායම අවශ්‍ය බව පිළිගන්නා බව කී මන්ත්‍රීවරයා එම ආදායම එකතු කර ගන්නේ කාගෙන්ද යන ප්‍රශ්නය ඉතා වැදගත් බව සඳහන් කළේය.
වැට් ගැසීමෙන් වැඩිවෙන උද්ධමන බර දරන්නට වන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට බව ද වික්‍රමරත්න මහතා කීය.
රාජ්‍ය ආදායම සියයට 45 කින් වැඩි කළ යුතුව තිබෙන අතර ඒ ආදායමෙන් සියයට 56ක් ලබාගත යුතුව ඇත්තේ වැට් බද්ධ මගින් බව මන්ත්‍රීවරයා පැවසීය.
ආණ්ඩුවට ඕන පනතක් ගේන්න පුළුවන් වුවද පාර්ලිමේන්තුව තියෙන්නේ ඒවා වාද විවාද කරන්නැයි කී වික්‍රමරත්න මහතා වැට් බදු පනතට විපක්ෂයේ මතය දැක්වීමට ආණ්ඩුව අවස්ථාව දුන්නේ නැතැයි කීය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් එක්ක මස් ඩිංගක් කන්න බැරි මිනිස්සුන්ට බදු ගහන්න එපා
චන්දපාල Tuesday, 12 December 2023 12:51 PM
අපිට නම් මස් කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ පාන් කෑල්ලක් කන්නෙ වුනත් කොච්චි කරලක් ලූනු බිකක් කාල නැත්නම් පොල් චුට්ටක් එක්කම තමයි බැරිවෙලා හරි අහම්බෙන් ලැබෙන බණ ගෙදරකින් හෝ දානෙ ගෙදරකින් මස් කෑල්ලක් කෑවා කියලා ආරංචියට උගේ ඇගේනම් ලේ බිදක් ඇති කියලා ඒකටත් වැට් ගැහුවොත් කියලා බයකුත් නැතුවා නොවෙයි ඉතින් මොකද කරන්නෙ කියලා හිතාගන්න බැහැ
අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 03:15 PM
මෙයා පිස්සු කියවනවා, මස් කෑල්ලක් එක්ක නොවෙයි හලෝ පොල් කෑල්ලක් එක්කවත් කන්න පාන් කෑල්ලක් හොයා ගන්න බැරි මිනිස්සු බහුතරයක් තමයි මේ රටේ දැන් ඉන්නෙ.
රටවැසියා Tuesday, 12 December 2023 04:08 PM
බැරිද අපට ඔය දියවන්නාවේ ඉන්න කොහෙන් කැපුවත් කිලෝ තුන හතරක් තියෙන ගවයෝ ටික දෙන්න... නත්තලටවත් මස් කෑල්ලක් කන්න... ලුණු, ඇඹුල් නම් ලෑස්ති කරගෙන ඉන්නේ අපි...!
fairoos Tuesday, 12 December 2023 05:10 PM
පාන් මොකටද? ඉන්න හිටින්න රටක් තියෙනවනේ...!