IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාන් ආඥා පනත අවලංගු කරයි

(අංජුල මහික වීරරත්න)

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන් වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවනු ලැබ ඇත.

 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු  පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන  සමග ගැටළු පැන නැගෙන අවස්ථාවන් ඇති බැවින් එකී ආඥා පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම ආඥා පනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථා  කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක ට උපදෙස් දීම පිණිස වෙළෙඳ  වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.



අදහස් (0)

පාන් ආඥා පනත අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17949 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site