
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
පාන් රුපියල් 10 කින් අඩු කලත් බනිස් මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ට අඩු කිරිමෙන් පසු ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කළ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊට සමගාමීව බනිස් ,මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල ද මිල රුපියල් 10 කින් පමණ අඩු කරන ලෙස සමස්ත බේකරි හිමියන් ගෙන් ඉල්ලීමක් කෙරිණ.
නමුත් දැනටත් බනිස් , සහ මාළු පාන් රුපියල් 60 සිට 100 වැනි මිල ගණන් වලට අලෙවි කරන බවද පාරිභෝගිකයෝ පවසති.
බනිස් සහ මාළු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකිරීම පිළිබඳව විමසූ විට බේකරි හිමියන් කියා සිටියේ පිටි කිලෝවක් රුපියල් 270 ,300, 350 වැනි වැඩි මිලට මිලදී ගැනීමට සිදු වී ඇති නිසා මාලු පාන් , බනිස් මිල අඩු කළ නොහැකි බවයි .
බනිස් සහ මාළු පාන් මිල අඩු නොකිරීම පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ තවමත් බේකරි හිමියන් ට වැඩි මිලට පිටි ගැනීමට සිදුවීම නිසා මෙසේ බනිස් සහ මාළු පාන් ඇතුළු නිෂ්පාදන වල මිල අඩු නොකිරීමට හේතු විය හැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’පාන් අඩු කලත් බනිස් අඩු කරලා නෑ’’
සනත් ගමගේ Wednesday, 02 November 2022 11:48 AM
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ පොරොන්දුවක් දුන්නා පාන් ගෙඩිය 3. 50 ට දෙනවා කියලා ඒ එතුමිය හැකි නිසා අද පාන්ගෙඩියේ මිල තීරනය කරන්නේ බේකරි සංගමයක සභාපති කියාගන්නා පුද්ගලයෙක් .මේ සංගමය රජයේ ලියාපදිංචි සංගමයද කියලාවත් හොයලා බලනවද මන්දා .ඇයි අද ජනාධිපතිට බැරි එදා චන්ද්‍රිකා දිපු පොරොන්දුව දෙන්න. පාන් මිල අඩු කිරීමේ විධායකයේ බලතල අඩු කරලද
KOLOMBA HADAYYA Wednesday, 02 November 2022 03:27 PM
පාන් හදන්න පුන්නක්කුත් දානවා ඇති. බනිස් පොඩි නිසා වහලා හදන්න බැරුව ඇති. අපි නොදන්න දකුණේ වැඩ්ඩලා....!
Bamunuarachchi Thursday, 03 November 2022 07:31 AM
හැබැයි සියලුම නිෂ්පාදනවල බර අඩු කරලා ඇති