ඔයාව මට ලැබුණේ...
මගේ පවක් ඇති ඒ හින්දයි
අපි දැන් වෙන් වෙන්නේ...
මට වාගේ අඩුපාඩුකම්
පෙන්නුවානම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා
ඔයා ළඟ ඉන්නවා...
මේ දිනවල පේ්රක්ෂකයා තුළ බෙහෙවින් ජනප්‍රිය, විවිධ නාළිකාවන් ඔස්සේ ඔබ වෙත එන මේ ගීතයේ හිමිකරුවා වන පන්සිළු මනෝහර, අද අප හා සම්බන්ධ වන්නේ ඔහුගේ සංගීත ජීවිතය පිළිබඳ අදහසක් අප වෙත එකතු කිරීමටයි. මේ ඔහු අප හා තැබූ සංවාද සටහනයි.
“මම මේ ක්ෂේත්රයට පිවිසෙන්නේ වස්සාන හීනයේ ගීතය තුළිනුයි. පේ්රක්ෂකයා මා ගායකයෙක් ලෙස හඳුනාගන්නේ එයින් පසුවයි. මේ මාගේ දෙවැනි නිර්මාණයයි. ‘දේවාශීර්වාදයකින්’ ගීතයේ පදමාලාව චතුර රත්නායක සිදුකරන අතර, සංගීතයෙන් නව පණක් ලබාදීමට අශාන් ෆර්නෑන්ඩු සමත් වනවා. තවද මෙහි රූප රචනය සිදු කරන්නේද චතුර රත්නායක සමගින් ෂෙනාල් මද්දුමගෙයි.
ඇත්තෙන්ම කිව්වොත් මගේ මේ ගමනට අඩිතාලම වැටෙන්නෙ මාගේ පියාගෙනුයි. කුඩා කල සිටම සංගීතයට බෙහෙවින් ඇලුම් කළ නිසා සංගීතය තුළින් ඉදිරියට යාමට මා කල්පනා කළා. පාසල් ජීවිතයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරා පසුව ගුරුවරයෙක් විදියට කටයුතු කරගෙන ගියා. දැන් මා විදෙස් ගතව සිටින අතර පසුගිය කාලෙ ලංකාවේ සිටින විට ‘සුපර් බි්රලියන්ට්ස්’ නමින් සංගීත කණ්ඩායමක්ද පවත්වාගෙන ගියා. තවද 2001 වර්ෂයේ ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංගයක් සිදුකළා. මේ දිනවල ප්‍රියා සූරියසේන ඒක පුද්ගල ප්රසංගයක්ද සිදුකිරීමට කටයුතු කරගෙන යන අතර, එහි සංගීතයෙන් දායකවන්නේද මමයි.
මගේ අලුත් ගීතය ගැන කිවුවොත් ‘දේවාශීර්වාදයකින්’ ගීතයට මේ දිනවල බෙහෙවින් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මීට අමතරව අලුත් ගීත කිහිපයකටද සංගීතය මුසුකිරීමට පිටපත් කිහිපයකුත් මා වෙත ලැබී තියෙනවා. එමෙන්ම මට මේ ගමන එන්නට උදවු කළ සියලු දෙනාවම මං මේ මොහොතේ මතක් කර සිටිනවා.”
සටහන - චමත් වින්දුල
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පන්සිළු මනෝහරගේ දෙවැනි ගීතය වන දේවාශීර්වාදයකින් මං