IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පන්සලේ මල් වට්ටිය ලක්ෂ 11කට වෙන්දේසි වේ

 

(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )

මාතලේ ලෙනදොර කිරුලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති වෙන්දේසියකදි මල් වට්ටියකට රුපියල් ලක්ෂ  11ක් ලැබීමේ පුවතක් ලෙනදොරින් වාර්තා වෙයි.

දඹුල්ල කිරලැස්ස පුෂ්පාරාම   විහාරස්ථානයේ ධර්ම ශාලාවකට  ආධාර ලබා ගැනීම සඳහා එහි තරුණ බෞද්ධ සමිතිය නාට්‍ය හා සල්පිල සංවිධානය කළේය.

අලංකාරව සූදානම් කර තිබූ මල් වට්ටිය පැය හතරක පමණ කාලයක් එකිනෙකා අතරේ විවිධ මිල ගණන් යටතේ විරිඳු ගායන ශිල්පියා පිරිස දැඩි උනන්දුවක්  කරවන්නට    වූ අතර පැමිණ සිටි අති විශාල ජනතාව අතරේ   කණ්ඩායම් බෙදී මල් වට්ටියට  ලංසු තැබූහ

පැය හතරක් පමණ ගතවෙද්දී මල් වට්ටියට රුපියල් දස ලක්ෂයක ආධාර ලැබී තිබූණි.

දසලක්ෂ පනස් දහසක  මුදලකට  ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ තිදෙනකු වන ප්‍රයන්ත බණ්ඩාර, ශාන්ත බණ්ඩාර සහ පද්ම නිමල් බණ්ඩාර යන තිදෙනා අවසන් ලංසුව තැබූ අතර තවත් 50,000ක් එකතු කර රුපියල් ලක්ෂ 11කට එම මල්වට්ටිය මිලග ගත්හ.

මේ අතර ලෙලි සහිත ගෙඩි 4000 කට ආසන්න පොල් තොරණ  වෙන්දේසි කරන්නට සැලසුම් කොට තිබිණි. අලුයම් කාලය වන විට එම පොල් තොරන   රුපියල් දෙලක්ෂ  දස දහසක  මුදලකට වෙන්දෙසියේ අලෙවි විය.

මෙම මල්වට්ටි වෙන්දේසියේදී මුලින් ලංසුව තබන පුද්ගලයා මුළු මුදලම ගෙවිය යුතු අතර එතැන් සිට ලංසුව තබන සෑම පුද්ගයකුම පියවරෙන් පියවරට අවසන් ලංසුව හැර ඉතිරි මුදල ගෙවිය යුතුය. ඒ අනුව පැය හතරක් ගතවෙද්දී මල්වට්ටිය මල්වට්ටියට රුපියල් 10,50,000 ලැබී තිබූ අතර මල්වට්ටිය ලබාගත් සහෝදරයන් තිදෙනා වැඩිපුර 50,000ක මුදලක් ගෙවා මල්වට්ටිය හිමිකරගෙන බුදුන් උදෙසා පූජා කළේය.



අදහස් (11)

පන්සලේ මල් වට්ටිය ලක්ෂ 11කට වෙන්දේසි වේ

Pradeep Kumara Wednesday, 12 October 2022 12:09 PM

මල් වට්ටියක්... වෙන්දේසියක්... පන්සලේ ලොකු පින්කමක්... බුදු හිමියනේ..! ඔබ පුදන්නට ගමේ දෙපිලක තරගයක්... තරග ඇතිමුත් ලොවේ දස අත තරග කුමටද බුදුන් පිදුමට... සතර රියනක තනිව සැතපෙන දා තරගයද කෙළවරක් වේ..

:       14       84

ddd Wednesday, 12 October 2022 12:31 PM

පෘථග්ජනයින්... මේ ගොල්ලන් ලේබල් බෞද්ධයින්... බුදුදහමට නින්දා කරනවා.

:       15       64

ruwan Wednesday, 12 October 2022 02:35 PM

ආනන්ද හරක් රැළක් දුටුවාද?

:       9       62

fairoos Wednesday, 12 October 2022 02:36 PM

මේවා ප්‍රසිද්ධියට කරන වැඩ. නැතිනම් පන්සලට නිකන් සල්ලි දුන්නොත් කවුරුත් දන්නේ නැහැනේ... ඒකයි...!

:       14       53

Sampath Wednesday, 12 October 2022 03:49 PM

සාදු සාදු සාදු! දායක වූ සැමට සෙත් වේවා. ඉදිවන ධර්ම ශාලාව බොහෝ දෙනාට සසරින් එතෙර වනු පිණිස හේතු වන ධර්ම මණ්ඩපයක් වේවා...!

:       24       27

""වෙන්න-දේසීය"" Wednesday, 12 October 2022 06:23 PM

ඉදිරි කාලයේදී මේ පන්සල් වෙන්දේසි කරයිද දන්නේ නැහැ...? ඉන්දුනීසියාවේ බුදුදහමට වුණුදේ වෙනකම්ම...!

:       4       22

"පාත්තරයත්-චීවරයත්" රැක ගනිමු!! Wednesday, 12 October 2022 06:45 PM

මේ ටික කාලයේ පත්තරවල පන්සල් ගැන ප්‍රසිද්ධ වෙච්චි දේවල් කියෙව්ව අපට සාර ධර්මය ගැන හරියට කලකිරුණා! නායක හාමුදුරුවරු ඝාතනය කරලා වාහන විකුණනවා... කෝටිපති ව්‍යාපාරික 34 තට්ටුවේ මුදල් ගනුදෙනු... දැන් මේ පන්සලේ මල් වට්ටියේ වෙන්දේසිය ඉදිරියට අහන්න ලැබෙයිද දන්නේ නැහැ..?

:       2       16

Don Wednesday, 12 October 2022 08:35 PM

පැරදුන අයගේ මුදල් පන්සලට දීලා නැද්ද

:       2       5

sampath Wednesday, 12 October 2022 09:58 PM

මෙතන ශ්‍රද්ධාවක් නෑ .මන්නයක් තියෙන්නේ. ඔය හැමෝම එකතුවෙලා ඔය මුදල පන්සලේ වැඩකට පරිත්‍යාග කලානම් මොකද .තරඟයක් නොතියා අපි මේ තරම් වටිනා ගැඹුරු දහමක් කොතෙන්ටද ගෙනියන්නේ

:       1       10

දමිත රණසිංහ Thursday, 13 October 2022 08:58 AM

ගැඹුරු දර්ශනයක් ගොබ්බයින් තේරුම් ගන්නේ මේ ආකාරයෙන් තමයි. මෙහි ඇති කමෙන්ටුවක් මාද නැවත මෙහිම පළ කරමි. '' ආනන්ද හරක් රැළක් දුටුවාද "

:       2       15

පිටිගල මිලානෝ Thursday, 13 October 2022 10:24 AM

හිතාගන්න පුලුවන්නේ මේ රටේ ඉන්න මිනිස්සු හරිම වෙනස් කියලා… රටට මෙහෙම නොවී කොහොම වෙන්නද තවත්?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site