පේරාදෙණිය, ගැටඹේ විහාරය වැඳපුදාගැනිමට කෑගල්ලේ සිට පැමිණි විශ්‍රාමික ගුරුමතාවකගේ රුපියල් දහතුන්දාස් නමසියක් ද ජංගම දුරකථනය සමග බෑගය සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කටුගස්තොට කහල්ල පදිංචි අඹහේනේගෙදර මල්ලිකා (55) නමැත්තිය ලබන 15 තෙක් රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් මොහොමඩ් ජමීල් මහතා නියෝග කළේය.
අශෝකා වනසේකර (57) විශ්‍රාමික ගුරුමතාව තම නැදෑ කාන්තාවන් දෙදෙනකු සමග ගැටඹේ පන්සලට පැමිණ බුදු මැදුර වැඳ එළියට පැමිණෙන විට බෑගයේ තිබු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය නොමැති බව දැන පේරාදෙණිය පොලිස්ථානයට පැමිණිලි කර ඇත.
සි.සී.ටී.වී රුපරාමු පරික්ෂා කිරීමෙන් පසු මුදල් පසුම්බිය සොරකම් කළ කාන්තාව හඳුනාගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්සලේදී දෙවැනි සිල් පදය කැඩූ කත රිමාන්ඩ්