ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) දෙවැනි වටයේ තරගාවලියේදී තරිදු ගමගේ සහ ප‍්‍රවීන් මඩුගල්ල ඉසව් දෙක බැගින් ජය ගනිමින් දස්කම් දැක්වුහ.
පන්නල ස්පීඞ් ඩ්‍රොම් ධාවන පථයේදී පසුගියදා (1) පැවැති මෙම තරගාවලියේදී තරිදු ගමගේ, ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව් දෙකම ජය ගනිමින් දස්කම් දැක්වීම කැපී පෙණුනි.
මෙරට ෆෝමියුලා මෝටර් රථ පැවැත්වෙන එකම තරගමාලාව ද මෙයවන අතර එහිදී සකීර් වහබ් එම ඉසව් දෙකේදීම දෙවැනි ස්ථානය ලැබීය.
ධාවකයන් 10 දෙනකු තියුණු තරගයක නිරත වු ෆෝමියුලා මැක්ලරන්ස් පළමු තරගයේදී ඉදිරියෙන්ම ධාවනයේ යෙදුණු චන්දිම ගුණරත්න වෙනත් රථයක ගැටීමෙන් අනතුරකට ලක්වීම නිසා ඔහුට අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
එම අනතුරෙන් චන්දිමගේ මෝටර් රථයේ ඉදිරි රෝදය එහිදී ගැලවී ගොස් තිබිණ.
මෙම වසරේදී තරගමාලාවට ඇතුළත් වු මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව් දෙකේම ජයග‍්‍රාහකයා වීමට ප‍්‍රවීන් මඩුගල්ල සමත්විය. තිවංක විජේසේකර එම ඉසව් දෙකේදීම දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ප‍්‍රවීණ මෝටර් රථ ධාවක දිනේෂ් ජයවර්ධන, ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු* ඉසව්ව ජය ගත්තේය. මෙම ඉසව්වේ ශූරයකු වන අශාන් සිල්වා තියුණු සටනකින් පසුව දෙවැනි ස්ථානයට පත්විය.
අවසන් තරග ප‍්‍රතිඵල:
මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව ( වැනි තරගය)
1.ප‍්‍රවීන් මඩුගල්ල, 2.තිවංක විජේසේකර 3.වරුණ රණතුංග
මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව ( වැනි තරගය)
1.ප‍්‍රවීන් මඩුගල්ල, 2.තිවංක විජේසේකර, 3.මොහාන් පෙරේරා
ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (, වැනි තරගය)
1.තරිදු ගමගේ, 2.සකීර් වහබ්, 3.ක්ලෙමන්ට් සේනාරත්න ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (,, වැනි තරගය*
1.තරිදු ගමගේ, 2.සකීර් වහබ්, 3.රුමේෂ් රාජකුලේන්ද්‍රන්
ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු)
1.දිනේෂ් ජයවර්ධන, 2.අශාන් සිල්වා, 3.සෆ්රාෂ් ජුනයිඞ්

2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්නල මෝටර් රථ තරගමාලාවේදී තරිඳු - ප‍්‍රවීන්ගෙන් දස්කම්