IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පන්දාහේ දඩය ගෙවාගන්න බැරිව මාස 3ක් සිරබත් කෑ අයෙක්ට නිදහස

(සුමිත් පොතුපිටිය )

අන්සතු ඉඩමක පොල්ගෙඩි 20 ක් කැඩීමේ වරදට නියමවූ රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාර ගතකර සිටී  අයෙකු , එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර ඇත.

මතුගම ප්‍රදේශයේ පදිංචි එම්.එච්. වසන්ත නමැති රැදවියෙකු මෙසේ නිදහස් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රැදවියා මීට වසර තුනකට පෙර මතුගම ප්‍රදේශයේ පිටස්තර අයෙකුගේ ඉඩමකින් පොල්ගෙඩි 20 ක් හොරෙන් කැඩීමේ වරදට රුපියල් 5000 ක දඩ මුදලක් නියමව ඇති බව බන්ධනාගාර සුභසාධක සංගමය පැවසීය.

බන්ධනාගාර අධිකාරී රෝහන ගලපත්ති, නියෝජ්‍ය  ප්‍රධාන ජේලර් රුවන් ගාමිණී ,  බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජික නස්රීන් නසීර් සහ පුනරුත්ථාපන නිළධාරී ගයාන් ලක්ෂිත යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (4)

පන්දාහේ දඩය ගෙවාගන්න බැරිව මාස 3ක් සිරබත් කෑ අයෙක්ට නිදහස

Chaminda Tuesday, 05 March 2024 02:26 PM

රුපියල් පන්දාහක් සදහා අවුරුදු තුනක් රජයෙන් පෝෂණය කලා එතකොට ඒකට වියදම කොපමණද අපේ හාන්දුරුවනේ ? දැන් ඔය සුභසාධක සමිතිය කරල තියෙන්නෙ නැවතත් හොර පොල් කඩන්න අවස්ථාව උදාකර දීමක් කියන්න පුළුවන් මොකද අපේ ප්‍රදේශයේ ඔය වගේ එකෙක් දැනට හිරගතවෙලා ඉන්නවා ඌත් ආපසු ආපු දවසට පසුදා සිටම නැවතත් පුරුදු රස්සාව කරපු හැටි හොදට මතකයි.මෙහෙම අතීසාරයට අමුඩ ගහන්නා වගේ ප්‍රතිකර්ම කරල වැඩක් නැහැ නැවත නැවතත් නොකරන තැනට ප්‍රතිකාර කරන්න ඕන

:       8       24

ගමේ එකාලා Tuesday, 05 March 2024 02:59 PM

රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට කිසිම නීතියක් අදාල නැතුව නැතුව ඇති...

:       0       0

Jayantha Tuesday, 05 March 2024 03:18 PM

එහෙනම් අපි උල තියමු.

:       0       0

පිටරටවැසියා Tuesday, 05 March 2024 06:22 PM

රාජ්‍ය සම්පත්, පොදු දේපළ කොල්ල කාපු දියවන්නාවේ කට්ටිය කවදද සදහටම බන්ධනාගාර ගතවෙන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site