පානදුර රාජකීය විද්‍යාලය සහ ශාන්ත ජෝන් විද්‍යාලය අතර පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති 21 වැනි හරිත සටනට සමගාමීව පැවති සීමිත ඕවර තරඟයේදී පොලිස් පහරදීමෙන් ආදි සිසුන් දෙදෙනෙක් තුවාල ලදහ.
එක් සිසුවකුට සැත්කමක් ද සිදු කළ බව රෝහල් ආරංචි කියයි.
ආදිසිසුන් දෙපිරිසක් ඇතර ඇවිලී ගිය බව කියන ගැටුමක් බේරීමට ගිය බව කියන පොලීසිය තමනට පහරදුන් බව ආදි සිසුහු කියති.
එහෙත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
පානදුර රාජකීය විද්‍යාලයේ ආදිසිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පානදුරේ හරිත සටනෙත් ලේ ගලයි
වන්නි Monday, 18 March 2013 07:57 AM
මෙහෙමද ක්‍රීඩා කරන්නේ (දී)
ජීවන් Monday, 18 March 2013 08:25 AM
පේනවද රටේ අනාගතය බාරගන්න ඉන්න අයගේ විනය. අනාගතය සුබ වෙයි කියලා කියන්න බැහැනේ ඉතින්.(නදී)
මාලා Monday, 18 March 2013 08:26 AM
රටේ විනයක් නැතිවුනාම දරුවන්ගෙන් කොහෙමෙද විනයක් බලාපොරොත්තු වන්නේ.(නදී)
රවින්ද්‍ර Monday, 18 March 2013 10:01 PM
මේවා පාසල් ක්‍රිකට් කියලා බුරුලක් දෙන්න එපා, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
පාල Monday, 18 March 2013 08:27 AM
දැන් තියෙන අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන්නේ සුද්දෝ. ලංකාවේ හැර ලෝකේ හැමරටකම ඒක නවීකරණය වුනා.(නදී)
ෂෙහාන් Sunday, 17 March 2013 09:35 PM
දැන් පාසල්වල ඉගෙන ගන්නේ ම්ලේච්ඡයෝ (අ)
ලලිත් Monday, 18 March 2013 01:23 PM
කොල්ලන්ගේ කොළු වැඩ. ගණන් ගන්න එපා. (නි)
සචී Monday, 18 March 2013 08:53 AM
මේ කතාව මෙහෙම නෙමෙයිනේ වුනේ.(නදී)
කල්ප Monday, 18 March 2013 09:07 AM
ඔය ආදි ශිෂ්‍යෙයෝ ඔක්කොම බීලා හිටියේ. මේගොල්ලෝ එන්නේ මැච් එක බලලා විනෝද වෙන්න. (නදී)
විමුක්ති Sunday, 17 March 2013 10:18 PM
අද කාලේ බිග් මැච් එකක රණ්ඩුවක් නොවුණොත් තමා පුදුමේ. (නි)
කුමුදු Monday, 18 March 2013 09:20 AM
පාසැල් දෙකේම සිසුන් අන්තිමයි. (නි)
චමින්ද Sunday, 17 March 2013 10:34 PM
බුදුන් උපන් දේශයේ කරන හැසිරීමක රග? (නි)
අමිල Monday, 18 March 2013 10:07 AM
කීයටවත් පාසල් ක්‍රිකට් වලට ලේ වැගිරීම් අනවශ්‍යයි (දී)
කසුන් Monday, 18 March 2013 12:12 AM
අපිත් හිටියා එතන. මට නම් ළමයින්ගෙ වැරැද්දක් පෙනුනේ නැහැ. (නි)
මුතුකුඩ Monday, 18 March 2013 01:36 AM
ෂෙහාන්, පාසැල්වල ඉගෙනුම ලබන්නේ ම්ලේච්ජයන් නොවේ. ගුණගරුක දෙමාපියන්ගේ දරුවන්. නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ අද පාසැල් තුල පවතින අධ්‍යාපනයත් ඒ තුලින් දරුවන්ට කියාදිය යුතු ධාර්මික ආධ්‍යාත්මික සාමාජීය ගුණවගාවත් ගුරු භවතුන් තුලින් පිරිහීම සහ ධාර්මිකත්වය තුලින් ජීවත්වීමට මිනිසාව යහමගට යොමුකරලීමට සිටින ප්‍රධාන පාර්ශවය වන පැවිදි පාර්ශවයන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු නොකිරීමත්ය. මේ නිසා මෙවැනි අසාමාන්‍යය සිදුවීම් සාමාන්‍යය සිදුවීම් ලෙස අපට දැක ගැනීමට ලැබීම පුදුමයට කරුණක් නොවන්නේය. (නි)
වන්නි Monday, 18 March 2013 06:23 PM
ළමයිගේ විනය පිරිහිලා (දී)
කරු Monday, 18 March 2013 11:49 AM
ක්‍රිකට් කියන්නේ ඕකටද (දී)
අමිල Monday, 18 March 2013 06:41 AM
මේ තරග නිසා ඉදිරියට ජීවිත අහිමි වීම් වෙන්න පුළුවන්.(නදී)
සුමති Monday, 18 March 2013 07:00 AM
අනේ! අනේ! ආදි ශිෂ්‍යයන්ටත් බෑනේ ළමයිට ආදර්ශයක් වෙන විදියට හැසිරෙන්න.(නදී)
ලංකා Monday, 18 March 2013 04:06 PM
ඇයි ගහගත්තේ කියලා කිව්වේ නැහැනේ..?? (නි)
නිමාලි Monday, 18 March 2013 07:18 AM
සෙල්ලම් කරන්න තෙර්න්නේ නැහැ මේ ළමයින්ට (දී)
ප්‍රදීප් Monday, 18 March 2013 07:25 AM
ගුරුවරුන්ට දරුවන්ට හරි වැරදි කියාදෙන්න අද රටේ නීතිය ඉඩ දෙන්නෙ නැහැ. ළමයින්ට ගැහුවොත් දෙමව්පියො ගුරුවරයට ගහනවා. ඉතින් ගුරුවරු නිකන් ලෙඩ දාගන්න කැමති නැහැ. ළමයි ගුරුවරු ගාව ඉන්නෙ දවසට පැය 05යි. පැය 19ක් ඉන්නේ දෙමවුපියන් ගාව. (නි)
රසිකා Monday, 18 March 2013 07:36 AM
අපොයි! බිග් මැච් වලටත් යන කලක්? (නි)