IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පානදුරේ මහ රෑ ජරමරයක්

පානදුර පොදු වෙළඳපොළ අසල අනවසර කඩ ඉවත් කිරීමට අද රාත්‍රී 10 යෙන් පසු පොලිසිය සමග පානදුර නගරසභාව  පැමිණියේය.

නගර සභා ට්‍රැක්ටරයක  ත්‍රීරෝද රියක් ගෑවීමත් සමගම කලබලයක් ඇති විය.

වෙළඳුන් චෝදනා කළේ නගර සභා රියදුරන් බීමතින් සිටි බවයි.

පොලීසිය නගර සභා රියදුරන් දෙදෙනෙක් පොලිසියට රැගෙන යනු ලැබුහ..

 IMG_2535 IMG_2536 IMG_2537 IMG_2538 IMG_2552



අදහස් (0)

පානදුරේ මහ රෑ ජරමරයක්

අභය Monday, 27 October 2014 03:31 AM

ඔය මාර්කට් එකේ චණ්ඩින්ට, මාළු කාරයින්ට පොලිසියත් බයයි. (නදී)

:       0       0

නන්දන Monday, 27 October 2014 03:40 AM

අනවසර කඩ හදන හැමෝටම කඩ දීමට නොහැක. එහෙම වුණොත් කඩ ඕනෑ හැමෝම අනවසර කඩ හදාවි (නි)

:       0       0

වරුණ Monday, 27 October 2014 03:45 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

විරාජ් Monday, 27 October 2014 03:50 AM

වැරදි වැඩ කවුරු කළත් වැරදියි (නි)

:       0       0

ධම්ම Monday, 27 October 2014 04:00 AM

ඡන්දෙ ඉල්ලන අයට නම් මේ ශුද්ධ කිරීම කවදාකවත් කරන්න බැහැ. මෙය කරන්න පුළුවන් නාගරික සංවර්ධන අධිකාරියට විතරයි. හැබැයි මේ වෙළෙන්දන්ටත් විකල්ප තැනක් හදා දීමට තරම් කවුරු කවුරුත් කාරුණික විය යුතුයි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 27 October 2014 04:04 AM

ඉදිකිරීම් සම්බන්ධව පැහැදිලි ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් තියෙනවාදැයි කියන එකත් ලොකු ප්‍රශ්නයක්. ඉදිකිරීම් සම්බන්ධව කාටවත් ඇඟිලි ගැසිය නොහැකිවන පරිදි, වෙනස්කළ නොහැකි පැහැදිලි ප්‍රතිපත්තියක් පළාත් පාලන ආයතන වල ක්‍රියාත්මක වියයුතුයි. ඒ සම්බන්ධව දේශපාලනඥයින් පරිපාලනයට අනවශ්‍ය විදියට ඇඟිලි ගැසීම් කරනවා නම් නීති මාර්ගයෙන් කටයුතු කර ඒවා නිරාකරණය කරගැනීමේ හැකියාවක් ප්‍රදේශයේ අදාළ ආයතනයට තිබිය යුතුයි. එවැනි දැඩි ක්‍රියා මාර්ගයකින් පමණයි මෙවැනි අනවසර සහ අක්‍රමවත් ඉද්රිකිරීම් වළකාලිය හැක්කේ. (නි)

:       0       0

කසුන් Monday, 27 October 2014 04:41 AM

විජේදාස, ඉස්සරහට වෙන්නෙත් දැන් වෙනදේම තමා. පෙනෙන්නේ නැද්ද දැන් වෙන සංවර්ධනේ. (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Monday, 27 October 2014 04:42 AM

අනවසර කඩ නම් ඒවාට අවසර දෙන්නේ ඇයි? විදුලිය දෙනවා බදු ගෙවනවා නගර සභාවට අනවසර නම් ඇයි ඒවා ගන්නේ දෙන්නේ (නදී)

:       0       0

ශාන්ත ලාල් Monday, 27 October 2014 04:42 AM

ඉදිරියට අපේ රට දියුනු වෙයි. රටේ ලස්සන නගර ඇති වෙයි. (නදී)

:       0       0

උපාලි Monday, 27 October 2014 06:52 AM

ධම්ම කියනව වගේ නාගරික සංවර්ධන අධිකාරියට මිසක් ඡන්දේ කරන කට්ටියට නම් මේක කරන්න බැහැ. (බ)

:       0       0

පුබුදු Monday, 27 October 2014 11:34 AM

වෙන දේ බලාගෙන ඉම්මු. ඉස්සරහට පානදුර ලස්සනට තියේවි. (බ)

:       0       0

විජේදාස Monday, 27 October 2014 01:44 AM

බලමුකෝ ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

නිහාල් Monday, 27 October 2014 02:36 AM

වාහන තදබදය ඇති අවස්ථා වලදී, බස් රථ නැවතුම්පොළ තුළට ගනිද්දී ඇතිවන මාර්ග අවහිරය කාටවත් පෙන්නේනේ නැද්ද? (නි)

:       0       0

රවී - ඕමාන් Monday, 27 October 2014 02:47 AM

අනවසර ඉදිකිරීම් ඉවත්කරලා ඒ වෙළඳුන්ට හරි තැනක කඩකාමර දුන්නා නම් නගරෙත් ලස්සනයි පිළිවෙලයි. ඉඩත් තිබෙනවා ඕනෑතරම්.... (නි)

:       0       0

අනුර Tuesday, 28 October 2014 07:32 AM

නගරය පිලිවෙලට තිය ගැනීම අප කාගේත් වගකීමක් පානදුර නගරයේ අනවසර ඉදිකිරීම් වැඩියි. හිතුනු හිතුනු තැන වෙළදාම් කරනවා. මේ දෙයට මුලින්ම වග කියන්න ඕන නගර සභාව මොකද නිතර නිතර නිරික්සනය නොකිරීම ඒ වගේම ජනතාවට හරිම අපහසුවක් තියෙන්නේ නගරයේ අපිරිසිදු කම නිසා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site