IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පානදුර ත්‍රීරෝද රියදුරෝ උද්ඝෝෂණයේ

පානදුර නගර සභාවෙන් අය කරන බදු අසාධාරණයැයි කියමින් පානදුර ත්‍රීරෝද රියදුරෝ අද ගල්ගොඩ විහාරස්ථානයට රැස්ව විරෝධය පළකරන්නට වූහ.

රුපියල් 750ක් පමණ වූ බද්ද රුපියල් 3001ක් දක්වා වැඩි කළැයි ද, එය උසුලාගත නොහැකි බරක් යැයි ද ත්‍රීරෝද රියදුරෝ කියති.

 

 

 

 



අදහස් (0)

පානදුර ත්‍රීරෝද රියදුරෝ උද්ඝෝෂණයේ

නීල් Tuesday, 18 June 2013 10:23 AM

ටූ ස්ට්‍රෝක් ත්‍රී රෝද අධික ලෙස භාවිතා වීමෙන් පිටවන අහිතකර දුම නිසා සිදුවන පරිසර දුෂණය හේතුකොටගෙන රටේ ජනතාව විශාල සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙනවා. මෑත කාලයේ සුවකළ නොහැකි පෙනහළු පිළිකා සමාජයේ බහුලවීමට මෙන්ම දරුවන් නිරන්තරයෙන් අසාත්මිකතා වලින් පෙලීමටද මෙය කෙලින්ම බලපානවා. මේ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් රජයට දරන්නට සිදුවන පිරිවැය ඉතා ඉහලයි. පරිසර හිතකාමී ප්‍රතිපත්ති අගය කරන නේපාලය වැනි රටවල් පවා රට තුලට ත්‍රී වීලර් ගෙන්වන්නේ නැහැ. ලංකාවේ මහාමාර්ග නීතියක් නැති අවුල් ජාලාවක් බවට පත්වීමටත් මේවා හේතුවන බව සත්‍යයක්. (නි)

:       0       0

කේ එච් ආර් කේ දිසානායක Tuesday, 18 June 2013 10:33 AM

සත පහක්වත් දෙන්න එපා (ත)

:       0       0

වසන්ත Tuesday, 18 June 2013 10:41 AM

ත්‍රීරෝද අයිතිකරුවෝ හරි අසාධාරනයි. ඔවුන් මිනිසුන්ව සුරා කනවා. බද්ද 5000 ක් කරන්න. කමක් නැහැ (නි)

:       0       0

දිසා Tuesday, 18 June 2013 10:44 AM

මේ සුළු ප්‍රශ්නයක් ,මොකද අලුත් ලොක්කෙකුගේ ආගමනයක පෙරහුරු . ශ්‍රී ලංකාවට බුදු සරණයි ! (ත)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 10:59 AM

පානදුර නගරයේ සමහර ත්‍රීවිල් පාර්ක් අයින් කරන ගමන් බදු වැඩි කරන එක අසාධාරණයි. අදායම් බලපත්‍ර ගාස්තු වැඩි කරලා අමතර බරක් පැටෙව්වා. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ආශ්චර්යයෙන් හූරන් කන්නේ පොඩි මිනිහාවමනේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 18 June 2013 11:22 AM

කොහෙත් ඒක තමයි වෙන්නේ. බදු ගහලා ගමට වැඩ කරනවා නම් කමක් නැහැ. ඒ සල්ලිත් පිල්ලි ගහනවනෙ (නි)

:       0       0

ටැක්සි කාරයා . Tuesday, 18 June 2013 11:25 AM

750 උසුලා ගන්න අමාරු අපිට 3001 එක බරක්ද කියලත් අහනවා? අනේ අපිට මීටර් හයි කරපු ලැම්බෝගිනි දෙන්නකෝ ටැක්සි වෙනුවට. (නි)

:       0       0

මාලා Tuesday, 18 June 2013 12:24 PM

තඹ සතයක් දෙන්ට එපා.මොකෝ හම්බවෙන "සර්විස්" එකක් තියනවද? සුද්දෝ ඉන්දැද්දී කට්ටියට හරි අමාරුවක් තිබුනා පාර බදු, බලු බදු ගැන. දැන් මොකද්ද තියන වෙනස? මම දවසක් චිත්‍රපටියක් බලද්දී ටිකට් එකේ දැක්කා විනෝද බදු කියලත් එකක් ගහනවා. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 12:57 PM

අපේ රට වටේට මුහුද. ඇයි අපිට නොහැකි මුහුද පාවිච්චි කරලා රටට මුදල් හොයන්න? මේ අහිංසක මිනුස්සුන්ගේ මුදල් ගන්න එක වැරදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site