IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පූනාගල කොටසක් නාය අවදානමක්:පවුල් 49ක් ඉවත් කරයි

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල  පූනාගල ගල්බොක්ක ප්‍රදේශයේ  නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ.ප්‍රියංගිකා මහත්මිය කීවාය.

තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක නායයාම සක්‍රිය වී ඇති අතර ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර තිබේ.

මෙම නිවැසියන් පදිංචිව සිටි නිවාස පේළියද ඉරිතලා පුපුරා ඇති බවද ආපදා අංශය සඳහන් කරයි.

මෙම ස්ථානය පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට නියමිත බව ද පවසයි.

ඉවත් කළ පවුල් පුනාගල අංක දෙක දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමට සැලසුම් කර ඇති බවත් හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරී ජී. අයි. පුෂ්පකුමාර මහතා පැවසීය.

මේ අතර කොස්ලන්ද නාවුල්ල ප්‍රදේශයේ දී ද ඊයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයින් 16 දෙනෙකු ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

පූනාගල කොටසක් නාය අවදානමක්:පවුල් 49ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site