IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘පොදු අපේක්ෂකට අරියාදු‘

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (18)  බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය ලබාදීම බේරුවල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි කැෆේ සංවිධානය කියයි. 

පසුගිය කාලයේ පැවැති ජාතික මැතිවරණ වල දී රැස්වීමේ පැවැත්වූයේ මෙම ක්‍රීඩා පිටියේ බවත්, එවැනි  ආරක්ෂක ස්ථාන රැස්වීම් පැවැත්වීම සදහා ලබා නොදීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ද, ජාතික දේශපාලන නායකත්වයේ ද ජීවිත අවදානමේ හෙළීමක් බවත් කැෆේ සංවිධානය පවසයි.

සිරිසේන මහතාට සහාය පළ කරන අත් පත්‍රිකා මහනුවර නගරයේ බෙදමින් සිටි බව කියන පේරාදෙණිය සරසවියේ ආචාර්යවරුන් දෙදෙනකු සහ ගුරු සංගම් නියෝජිතවරියකට සන්ධානයේ දේශපාලනඥයකුගේ ආරක්ෂකයන් පිරිසක් පහර දී ඇතැයි ද, ඔවුන් රැගෙන ගොස් කාමරයක සිර කර තබා ඇතැයි ද, ගුරු සංගම් නියෝජිතවරියගේ අත තුවාල වී තිබුනේ යැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කර ඇතැයි ද කැෆේ සංවිධානය සඳහන් කරයි.

මේ වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 331ක් කැෆේ සංවිධානයට ලැබී ඇත. 



අදහස් (0)

‘පොදු අපේක්ෂකට අරියාදු‘

උෂාන් Friday, 19 December 2014 02:40 AM

සිල්වා මහත්තයාගෙන් මම අහන්න කැමතියි දැන්ද නින්දෙන් නැගිට්ටේ කියලා (නි)

:       0       0

වසන්ත Thursday, 18 December 2014 12:34 PM

කැෆේ පමණට වැඩිය කඩේ යනවා වගේ. ඩොලර් වල බල මහිමය තමා. (නදී)

:       0       0

සිල්වා Thursday, 18 December 2014 01:51 PM

මෛත්‍රී මේ වර මැතිවරනෙන් 59% අරගෙන තමයි නවතින්නේ. (නදී)

:       0       0

සමන්ජය Thursday, 18 December 2014 08:35 AM

නොදෙන්න හේතුව මොකක්ද දන්නැහැ. (ර)

:       0       0

කීර්ති Thursday, 18 December 2014 09:11 AM

කැෆේ සංවිධානයට ඉලක්කයක් දීලා තියනවද පැමිණිලි එකතු කරන්න ?(හේ)

:       0       0

සිසිර සමරකෝන් Thursday, 18 December 2014 09:34 AM

අධ්‍යාපන සේවයේ නියුතු ගුරුවරුන් ආචාර්යවරු පවා මේ පාලනය ප්‍රතික්ෂේප කරනවා එකට හේතුව මේ ආණ්ඩුව අධ්‍යාපනය කප්පාදු කරමින් තිබීම උගත් මිනිසුන් බිහිවූ තරමට පාලකයන්ට හොරකම් අසාධාරණකම් කරන්න බැහැනේ .(හේ)

:       0       0

බටා Thursday, 18 December 2014 10:07 AM

තාම පටන් ගත්ත විතරයිනේ. හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. ඔන්න මර්ධනය පටන් ගත්තා. (නදී)

:       0       0

සමිදු සහන් Thursday, 18 December 2014 10:10 AM

මට මෙතැනදී මංගලගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. අර කිවුව බ්ලැක් බුක් එකට මේ ආචාර්යවරුන්ගේ නම් ඇතුල් වෙන්නේ නැද්ද.? (නදී)

:       0       0

ශාන් Thursday, 18 December 2014 07:53 PM

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය. විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයට ප්‍රචාරක රැස්වීමක් තියන්න දෙන්න බයයි. ජනාතව අට වෙනිදට මේවට නියම තීන්දුව දෙයි. එතකල් ඉන්න (නදී)

:       0       0

චාමර Thursday, 18 December 2014 10:33 AM

කීර්ති ට, ආණ්ඩුවෙන් කීයක් හරි ලැබෙනවද ? එහෙම නැත්තම් මේ සිද්ධ වෙන වැරදි දේවල් පෙන්නේ නැති අමාරුවක් එහෙම තියෙනවද ? එහෙමත් නැත්තම් මේ ආටිකල් එක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවද ?

:       0       0

සිල්වා Thursday, 18 December 2014 11:22 AM

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට විතරද අරියාදු කරන්නේ? බොහෝ පුවත්පත් ජනපතිටයි අරියාදු කරන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site