IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොදුරඳ මඩුලූ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ අද(11) සමත්වුහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩක සංගීත් විජේසුරිය කිලෝග‍්‍රෑම් 56 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර එම්. එස්. ඒකනායක යොවුන් තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 50 බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. කිලෝග‍්‍රෑම් 56 බර පංතිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩක කමල් බණ්ඩාර රිදී පදක්කම දිනා ගනිමින් දස්කම් දැක්වීය. මෙම තරගයේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 103 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 133 ක් සහ එකතුව කිලෝග‍්‍රෑම් 236 ක් ඔසවමින් සංගීත් රන් පදක්කම දිනා ගත්තේය. රිදී පදක්කම් ලාභී කමල් බණ්ඩාර ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 98 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 129 ක් සහ එකතුව 227 ක් එසවීමට සමත්විය. නවුරු දුපත්’හි එල්සන් බ‍්‍රැචට්ෆීල්ඞ් ලෝකඩ පදක්කම දිනා ගත් අතර ඔහු ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 97 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 121 ක් සහ එකතුව කිලෝග‍්‍රෑම් 218 ක් එසවීය. ඒකනායක රන් පදක්කම සඳහා ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 71 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 95 ක් සහ එකතුව කිලෝග‍්‍රෑම් 166 ක් එසවීය. එහිදී ඉන්දියාව රිදී පදක්කම දිනාගත් අතර දකුණු අප‍්‍රිකාවට ලෝකඩ පදක්කම හිමිවිය. යොවුන් තරගාවලියේ කිලෝග‍්‍රෑම් 48 බර පංතියෙන් (කාන්තා) තරග කළ ඞී. ඞී. අබේසේකර ට සිවුවැනි ස්ථානය හිමිවිය. මේ මස 15 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයෝ අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඇතුළත්වෙති. පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සුදේශ් පීරිස් ද තරගාවලියට සහභාගිවී සිටියි.



අදහස් (0)

පොදුරඳ මඩුලූ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site