IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පොදුජන පෙරමුණේ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත්අඩංගුවට

චන්ද්‍රසේන ගමගේ සහ   අනීෂා මානගේ 
 
මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ ක්‍රියාත්මක කරමින් තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය තංගල්ල පොලීසියේ නිළධාරීන් කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
 
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සදහා අදාළ බලපත්‍ර ලබා නොගැනීම නිසා එම යන්ත්‍රය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සභාව ඇමතා මෙහෙයුම් කාර්යාලයෙන් පිටව ගොස් සුළු මොහොතකින් පැමිණි පොලිස් නිළධාරීහු  ශබ්ද විකාශන යන්ත්‍රය අත් අඩංගුවට ගත්හ.
 
උත්සවයේ සංවිධායකයන් පවසන්නේ ශබ්ද විකාශන බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත් එම මොහොතේ එම බල පත්‍රය අදාළ ස්ථානයේ නොතිබූ බවයි. පොලීසිය පවසන්නේ  ජන හමුවක් සදහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නට බලපත්‍රයක් ලබා ගෙන තිබූ බවත් මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සදහා ශබ්ද විකාශන යන්ත්‍ර බලප්‍රත්‍රයක් කිසිවෙකු විසින් ලබා නොගත් බවයි. කෙසේ වුවද ලියා පදිංචි නැති මැතිවරණ කාර්යාලයක් සදහා  ශබ්ද විකාශන බලපත්‍රයක් දීමට පොලීසියට බලයක් නොමැති බවද පොලීසිය පැවසීය.



අදහස් (16)

පොදුජන පෙරමුණේ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත්අඩංගුවට

daham Monday, 01 January 2018 01:12 PM

මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරනවා කියන්නේ ජනහමුවක් නේන්නම්. ජනයට හොරෙන් කරන වැඩක් නෙමෙයිනේ. මේ වැඩ වලින් දැන හෝ නොදැන හෝ කරන්නේ පොදු පෙරමුණට ඡන්ද වැඩි කරලා දෙන එක.

:       571       602

piyal Monday, 01 January 2018 01:18 PM

ගරු යහපාලකයනි, ජනහමුවක් යන්න සර්වස්ත්‍ර කුලකය වනවිට මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම යන්න එහි උප කුලකයක් නොවන්නේද? පොහොට්ටුවේ කට්ටිය මීට පස්සේ කරනදේ හරියටම ලියල පොලිසියෙන් බලපත්‍රය ගන්න.

:       170       425

රවින් Monday, 01 January 2018 01:40 PM

රටක නිතිය යනු එක් පුද්ගලයකුගේ දේපලක් නොවේ. දැනට හිටින ජනාධිපති තුමා විවුර්ත කිරීමේ උත්සවයකදී වුවත් බලපත්‍ර නොමැතිනම් අත්අඩංගුවට ගන්න එක තමා නීතියේ ආධිපත්‍ය සුරැකීම . හරි විදියට නම් ඔය ශබ්ද විකාශන යන්ත්‍රය අත්අඩංගුවට ගන්න තිබුනේ එම යන්ත්‍රය ක්‍රියාත්මක කරපු මෝහතෙමයි.

:       655       161

rocky Monday, 01 January 2018 03:10 PM

යට ගිය දවස මේ රටේ නීතිය එකම පවුලක් සතුවූ ගානට තිබුණු බව සමහර පුද්ගලයින්ට අමතක වී ඇත. ජනතාවට පහුගිය කාලයේ නින්ද ගොස් සිටින්නට ඇති යයි සිතාගෙන මෙන්, දැන් ඒ මහා ඇත්තන් කතා කරන්නේ වෙනතකින් දැයි සිතේ. පරණ හොරුන්ට ඔවුන්ගේ හොරකම්, මැරකම් නොසණ්ඩාලකම් අමතක වී දැන් අනිත් පැත්තට ඇඟිල්ල දිගු කරමින් චෝදනා නගති. අලුත් හොරුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින්නේ පරණ හොරුන් බව ජනතාවට අමතක වී නැත !

:       767       559

dias Monday, 01 January 2018 03:13 PM

දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. එදා එහෙම කළාට දැන් එහෙම බැහැ... ඉස්සර රටේ මොනයම් නීතියක්වත් තිබුනේ නැහැ.

:       704       242

dahamMonday, 01 January 2018 03:26 PM

ඔව් ඔව් එදා තිබුනේ කොටින්ගේ ආධිපත්‍යය. කොළඹ පවා ජීවත් වුනේ බයෙන්. මහින්ද වීරයාට පින් සිද්ධ වෙන්න එක සුන්නද්දූලි කරලා රටේ බය නැතිව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කළා. අනේ මන්ද ඇයි මේ ඇත්ත පිළිගන්න සමහරු අකමැති කියල. පටු දේසපාලනේ ඉහවහ ගිහිල්ල හින්දද?

:       316       896

PriyanthaTuesday, 02 January 2018 02:40 AM

මහින්දගේ ගුණ වර්ණනා කරන ඔබට, රටට කරපු විනාශය දකින්න බැරි එක දුකට කරුණක්. මහින්දගේ හොඳ වැඩට වඩා නරක විනාශකාරී පාලනයකුත් තිබුණා. මහින්ද පරදින්නේ ඒ විනාශකාරී පැත්ත ඉහල යන හින්දා.. මහින්ද කරපු හොඳ වැඩක් ත්‍රිවිධ හමුදාවත් එකතු කරගෙන (ඔබල කියන විදිහට තනියම නෙවෙයි) කොටි සංවිධානයේ මුලක් ඉවර කරපු එක. ජාත්‍යන්තරයේ උඩු දුවපු මෙම ත්‍රස්ත සංවිධානය විනාශ කරන්න පුළුවන් දුර දකින නුවනක් ඇත්තෙකුට පමණයි. මහින්ද කරපු භයානකම වැඩේ තමයි ස්වචින්තනයක් නැති ඔබ වැනි වහල්ලුන් නිර්මාණය කරපු එක....

:       456       128

දිලාන්Monday, 01 January 2018 03:37 PM

දැන් එයාලට බැරිවුණාට මෙයාලට පුළුවන්...

:       1       20

කමල්Monday, 01 January 2018 03:38 PM

අන්න හරි. මේ ආණ්ඩුවේ මොන වැරුද්ද වුණත් නීතියට අත තියන්න මොන ජගතත් බයයි ඉස්සර වගේ... ඔක්කෝටම පොලිසියට අණ දෙන්න යන්නේ නෑ. මූලිකම හේතුව මට නං තේරෙන විදියට ජනාධිපති සහ අගමැති එකම බල කඳවුරකින් නොවෙයි හින්දා. ඉස්සර නේවි එකේ වැඩ කරන පුතාට වහිනකොට කූඩේ අල්ලන්නෙත් ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරියෙක්. දැන් අඩුමගානේ ඒවා බලං ඉන්න ඕන නෑ

:       568       326

uddikaThursday, 04 January 2018 03:12 AM

යුද්ධය තනියම නෙමෙයි තමා කලේ. හැබැයි නිවැරදි නායකත්වය සහ අණදීම කල යුත්තේ රටේ විධායක ජනාධිපති. කුහක මිනිස්සු ඉන්නා රටක, දෙයක් කලාම එකත් කුහක විදියටම බලන්නේ. අර එක පාරක් ප්‍රභාකරන්ව අල්ලලා ඇත අරිය වගේ. ඒ වගේම එක පාරක් පොලිසියේ 500කට යටත් වෙන්න කීවෙත් විධායක ජනාධිපති කෙනෙක්. දෙයක් කරන්න කොන්දක් තියෙන්න ඕන. එ්වගෙම තමා උද්ධමනය තනි ඉලක්කමට තියාගෙන පාලනය කිරීම, ණය අඩු කිරීම (75.88%), සංවර්ධන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම. ඒවා දැනුන මිනිස්සු වහල්ලු නෙමෙයි. ඇත්ත කතාකිරීම.

:       0       0

banda Monday, 01 January 2018 03:23 PM

මෙයා හිතාගෙන ඉන්නේ තාම ජනාධිපති කියලා...

:       1101       514

Nandalal DE SILVA - France Monday, 01 January 2018 06:07 PM

කවුද පොලිසියට ටිප් එක දුන්නේ ? දන්නේ නැති නිසයි අහන්නේ. මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීම සදහා ශබ්ද විකාශන යන්ත්‍රයක් අවශ්‍යමද ? එහෙම නම් ඒක අති විශාල දැවැන්ත මෙහෙයුම් කාර්යාලයක් වෙන්න ඇති!

:       53       107

siri Monday, 01 January 2018 09:54 PM

මොකද දන්නේ නැහැ පොලිසිය මන්ත්‍රීවරයා කතාකරලා ඉවර වෙනකල් හිටියේ නීතිය ක්‍රියාත්මක කරන්න.

:       10       1

disa - kAnada Tuesday, 02 January 2018 12:53 AM

හිටපු මනුස්සයාට නම් පුදුම බලතන්හාවකින් පෙලෙන්නෙක් බවයි වැටහෙන්නේ පව්.

:       67       162

rocky Tuesday, 02 January 2018 04:08 AM

දහම්, කොටි මර්ධනය මහින්ද කිසිසේත්ම තනියෙන්ම කරපු වැඩක් නොවෙයි. ඒ ජයග්‍රහණයට පසුබිම් වූ එමෙන්ම දායක වූ තව සාධක බොහොමයක් තිබුණා.

:       171       124

Padmini Tuesday, 02 January 2018 06:23 AM

මොකට ඇල්ලුවද? ඔය හඩ නගමින් කියන්න ඇත්තේ මේ ආණ්ඩුව දුෂිතයි, හොරු ගොඩයි. ඒ හින්ද පරණ හිටපු අයට ඡන්දෙ දෙන්න කියලනේ. ඉතින් ඕක ජනතාව තීරණය කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1453 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1492 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 592 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1132 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3184 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10392 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1047 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site