IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පෞද්ගලික බස් රියදුරෙක් ඩිපෝ කළමනාකරුට ගහලා

(නිමල් ජයරත්න)

පෞද්ගලික බස් රථ රියදුරකු පොලොන්නරුව ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයට අතරමගදී පෞද්ගලික පන්ති යන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් පටවා ගෙන ඒම නිසා පෞද්ගලික බස් රථයට මගී ජනතාව අඩුවීම මෙම ගැටුමට හේතුව බවද පොලිසිය කියයි.

මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකාරවරයා, කාර්මික නිලධාරියකු සහ, ඩිපෝවේ රියදුරු රෝහල් ගතවීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොළොන්නරුව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.

ඩිපෝ කළමනාකාරවරයාට,රියැදුරට සහ කාර්මික නිලධාරියාට පහරදීමත් සමග, ඊට විරෝධය පළ කරමින් සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් 26 වෙනිදා බස් රථ වර්ජනයක් ද සිදු කිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (4)

පෞද්ගලික බස් රියදුරෙක් ඩිපෝ කළමනාකරුට ගහලා

Wickramarathna Thursday, 26 June 2025 05:05 AM

කාලය රන් හා සමානයි කිව්වට පුද්ගලික බස් සේවකයින්ට ඒක වලංගුම නැහැ මගීන්ට අවශ්‍ය ඉතාම ඉක්ම්නින් ගමනාන්තයට යන්න .ඒත් පුද්ගලික බස් රියදුරෝ යන්නෙ මේකයි මගෙ බරබාගේ පැයට සැතපුමයි වේගේ කියල තමයි අපි දැකලා තියෙනවා මීදුම වගේ බසයක චාරිකාවක් ගියොත් චාරිකාවේ මුලු කාලයම බසයේ සිටීමට සිදුවීම්.

:       0       0

Perera Thursday, 26 June 2025 05:56 AM

ගහගෙන ප්‍රශ්න විසඳගන්න හදන්නේ කතාකරගෙන ප්‍රශ්න විසඳගන්න හැකියාවක් නැති සතුන් පිරිසක් හා බුද්ධි මට්ටමින් ඉතා අඩු උදවිය....

:       0       0

sunil Thursday, 26 June 2025 06:09 AM

පෞද්ගලික බස් කරුවන් මෙවැනි ගැටුම් බොහෝ තැන් වල කරනවා. ඔවුන්ගේ අනසකට ලංගම රියදුරන් අවනතව කටයුතු කලයුතුයි කියල තග දමනවා. ඒ නිසා, ඇතැම් ලංගම රියදුරන් තම සේවා නවත්වා දමන අවස්තාවනුත් දක්නට ලැබෙනවා. නමුත් ලංගම බසයකින් ගමන යනවනම් ඉක්මනට යන්න පුළුවන්. පෞද්ගලික බස් ලංගම බසය එනකම්ම ගාටමින් සෙනග පටවනවා. ලංගම බසය මගීන් අඩුවෙන් ධාවනය වනවා. එයින් ලංගමට ආදායමත් අඩුවනවා. ලංගම බස් ධාවකයින් ට වන හිරිහැර නවත්වා මගී සේවා ශක්තිමත් කලයුතුයි. තග දමන අයට දැඩි දඬුවම් දියයුතුයි.

:       0       0

Anura Thursday, 26 June 2025 08:24 PM

කලකන්නි ප්‍රයිවට් බස් හැත්තට ගහපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 967 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site