IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෞද්ගලික අංශයට 5000ක් ඉල්ලයි

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට රුපියල් දස දහසක්ද, පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් පන්දහසක සහන දීමනාවක්ද දෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද (21) පැවැත්විණි.

විවිධ වෘත්තිකයන්, වෘත්තිය සමිති සාමාජිකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.

a RDS_5943 RDS_6079



අදහස් (0)

පෞද්ගලික අංශයට 5000ක් ඉල්ලයි

බමුණු ආරච්චි Wednesday, 22 October 2014 12:50 AM

පඩි වැඩිකරන්න එපා. එවිට බඩු මිල වැඩිවෙනවා. බඩු මිල අඩුකරන්න, ජීවන බර අඩුකරන්න. එවිට සියලු දෙනාටම සහන සැළසෙනවා. (නි)

:       0       0

බක්ති Wednesday, 22 October 2014 10:31 AM

"ඇ‍යි පුද්‍‍ග‍ලි‍ක අං‍‍ශ‍ය‍ට වෙනම බඩු මිලක් තියනවද" පුද්‍‍ග‍ලි‍ක අං‍‍ශ‍ය‍ පඩි වැඩි කලාම ඒගොල්ල නිෂ්පාදනය කරන බඩුවල මිල එකහමාරකින් වැඩි කෙරෙනවා එතකොට. ඒවා ගෙවන්නේ කවුද ? (හේ)

:       0       0

මහීපාල Wednesday, 22 October 2014 02:21 AM

ඇ‍යි පුද්‍‍ග‍ලි‍ක අං‍‍ශ‍ය‍ට වෙනම බඩු මිලක් තියනවද? (නි)

:       0       0

මෙල්වින් Thursday, 23 October 2014 12:36 AM

ඇයි එයාලට අඩුවෙන් ඉල්ලන්නේ? (නි)

:       0       0

විපුල Tuesday, 21 October 2014 01:52 PM

මම දවසේ කම්කරුවෙක්. එතකොට මට කීයක් දෙනවද. මම වැඩ කරන්නේ සංචාරක කර්මාන්තයේ රියදුරු මාර්ගෝපදේශකයෙක් විදිහට. අපිටත් සුද්දට අත නොපා ගානක් දෙන්ඩ. (නදී)

:       0       0

ගයාන් Wednesday, 22 October 2014 03:21 AM

ඇයි අයිස් ගහන රජයේ සේවකයන්ට පමණක් රුපියල් 10,000/= ක් මැරීගෙන වැඩ කරන පොද්ගලික අංශයට තමයි කුඩම්මාගේ සැලකිලි. (නදී)

:       0       0

හසන්ත Tuesday, 21 October 2014 02:57 PM

ඒකනම් හොදයි.(හේ)

:       0       0

හේෂාන් Wednesday, 22 October 2014 04:17 AM

පෞද්ගලික අංශ වලට කිසිම සහනයක් මේ වෙනකන් ලැබිලා නෑ.(හේ)

:       0       0

ශේල්ටන් Wednesday, 22 October 2014 04:17 AM

මේ ආණ්ඩුව කිසිම දෙයක් පුද්ගලික අංශයේ රැකියා ලාබින්ට කරලා නැහැ. (හේ)

:       0       0

ගයාන් Wednesday, 22 October 2014 05:01 AM

මාර ප්‍රශ්ණයක් (නදී)

:       0       0

සිල්වා Tuesday, 21 October 2014 04:44 PM

විදේශගත ශ්‍රමිකයින්ට මොනවද දෙන්නේ? (නි)

:       0       0

ගයාන් Wednesday, 22 October 2014 06:10 AM

පඩි වැඩි කරනවා නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

ටිරාන් Wednesday, 22 October 2014 06:17 AM

පුද්ගලික අංශයට විතරක් නොවයි කාටවත් පඩි වැඩි නොවිය යුතුයි.(හේ)

:       0       0

සිසිර Wednesday, 22 October 2014 06:20 AM

"විදේශ ගත ශ්‍රමිකයින්ට මොනවද දෙන්නේ" මෙහේ බඩු මිල වැඩි වෙනකොට උද්ධමනය වැඩි වෙනවා එතකොට රුපියල බාල වී ඩොලරයේ අගය වැඩිවෙනවා.(හේ)

:       0       0

හර්ෂ Wednesday, 22 October 2014 06:30 AM

හරි හොදයි.සිය ගුණයක් මහන්සි වෙලා වැඩි ඵලදායිතාවයකින් වැඩ කරන උදවියට භාගයක්. (හේ)

:       0       0

ජී‍වා Tuesday, 21 October 2014 06:02 PM

‍ඇ‍යි,‍රාජ්‍ය ‍අං‍‍ශ‍ය‍ට ‍වි‍ත‍රක්‍ 10,000ක්‍? ‍පුද්‍‍ග‍ලි‍ක ‍ අං‍‍ශ‍යේ ‍අ‍ය‍ට ‍බා‍ගෙ‍ටද ‍ බ‍ඩ‍ගි‍නි ‍දැනෙන්‍‍නෙ. (නි)

:       0       0

විපුල Tuesday, 21 October 2014 06:13 PM

පුද්ගලික අංශයට බාගයක් අඩුවෙන් ඉල්ලන්නේ ඇයි? ඒගොල්ලෝ කන්නේ , අඳින්නේ , වෙනත් අවශ්‍යතා ඉටුකරගන්නේ බාගෙටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site