(කේ බුද්ධික කුමාරසිරි )
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
එම දරුවන් සදහා වසරක පමණ කාළයක් අවම වශයෙන් පෝෂණීය ගුණයෙන් යුත් ආහාර වට්ටෝරුවක් ලබා දිය යුතු බවත් එලෙස කළහොත් පමණක් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය.
එසේම මේ වන විට තම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය කෙමෙන් කෙමෙන් අඩු වී යන බවක් වර්ෂ 2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇතැයි ද පැවසීය.
තවද විවාහ වී දරුවන් අපේක්ෂාවෙන් සිටින මුත් දරුඵල නොලැබ සිටින කාන්තාවන් 700 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් දරුවන් ලැබීමට සිටින ගැබිනි මව්වරුන් ප්‍රමාණය ද ඒ ආසන්නයට වන බැවින් දරැවන් බිහි කිරීමට හැකියාව ඇතිමුත් දරැඵල නොමැති සංඛාව සියයට 50 ක් පමණ වන බනත් මෙය ඉතා කනගාටුදායක තත්වයක් බවත් වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය වර්ග කිලෝමීටර් 140 ක් පමණ බවත් එහි පවුල් විසි පන්දහසක පුද්ගලයින් 72000 ක් පමණ සිටින බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාදුක්කේ ළමයි 45 කට මන්දපෝෂණය
Pradeep Kumara Thursday, 18 May 2023 01:34 PM
පාදුක්කේ විතරක් නෙමෙයි. මුළු රටේම තත්වය ඕක තමයි. සාමාන්‍ය ජනතාව අන්ත අසරණයි. නමුත් ජනතා බදු මුදලින් යැපෙනා පාලකයින් සහ ඔවුන්ට ආවඩනා නිළධාරීන්ට රජ සැප.
Nimal Thursday, 18 May 2023 01:41 PM
ඕක සෞඛ්‍ය ඇමතිගෙන් තහවුරු කරගත්තද ?නැත්නම් ඉතින් වැඩත් තහනම් කරයි ඔය වගේ ප්‍රකාශ කරා කියලා
prasanna Thursday, 18 May 2023 04:08 PM
මේ ගැන කොතරම් ලිපි පල කලත් මේ අදම පාලකයින් මේ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ .අසරණ දරු පරපුර විනාශයි
ගමේ එකාලා Thursday, 18 May 2023 04:39 PM
ජනතාවගේ චන්දෙන් බලයට ආපු කාලකන්නි දුශිත දේසපාලුවන්ට ,උන්ගේ,ළමයින්ට මොන සැපද ? කාලා දිරවගන්ඩ බැරුව ඉන්නේ? ඒකටත් එක්ක අපේ ළමයි වින්දින දුකක්..දූෂිත දේසපාලුවන්ට හෙන ගැහුවත් මදි .
C.K.Lankaputhra Friday, 19 May 2023 10:40 AM
කාලකන්නි දේශපාලුවන් විසින් මේ රටට අත්කර දුන්න හා තවදුරටත් අත්කර දෙමින් සිටින විනාශයක තරම තමයි මේ.