IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුත්තලමේ පාසල් බස්-වෑන් 18කට තහනම් නියෝග

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලමේ පාසල් සඳහා  සිසුන් ප්‍රවාහනය කරනු ලබන වැන්  හා බස් රථ 32 ක් පරික්ෂා කළ පුත්තලම මෝටර් රථ පරික්ෂකවරයා එයින් 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් වෑන් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමටත් පොලිසියට   උපදෙස් දුන්නේය.

පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න කටුගම්පොල මහතාගේ මෙහෙය විමේන් අදාල පාසැල් බස් හා වෑන් රථ  පරික්ෂාව සදහා රැගෙන ඒමට කටයුතු කර   තිබුණි..

එහිදි අදාල  බස් හා වෑන් රථ 32 ක් පුත්තලම දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක එච්.එම්.ආර් .හේරත්     මහතා බස් හා වෑන් රථවල ඇතුලත හා පිටත ක්‍රියාකාරිත්වය එන්ජීන් වල පවතින දෝෂ,පාපුවරු වල ශක්තිමත් භාවය,තිරිංග ක්‍රියාත්මක ආකාරය ආලෝක පහන් ඇතුළු සියල්ල නිසි ලෙස පරික්ෂා කිරීම සිදුවිය.

එහිදි රියදුරන් බස් හා වෑන් රථ හසුරුවන ආකාරයද දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයාගේ විශේෂ අවධානයට ලක්කර තිබුණි. ඒ අනුව බස් රථවල පවතින අඩුපාඩු නැවත සකසා කඩිනමින් තමන්ට පෙන්වන ලෙසට දන්වමින් අඩුපාඩු සහිත බස් හා වෑන් රථ 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් අබලන් තත්වයේ සිට පාසැල් සිසුන් ධාවනයේ යොදවා තිබු වෑන් රථයක් සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස් ලබා දීමට දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා කටයුතු කලේය.  



අදහස් (6)

පුත්තලමේ පාසල් බස්-වෑන් 18කට තහනම් නියෝග

Nihal Tuesday, 23 September 2025 01:48 PM

මේවා අපේ රටේ කරන්න තිබ්බේ මීට පෙර එත් ප්‍රමාද වී හරි පටන් ගත්ත ඔයාලා හැමෝටම ස්තුතියි අපි ඉන්න රටවල තමන්ගේ වාහන අවුරුදු 2 කට සැරයක් ගිහින් පෙන්වන්න ඕනෑ...

:       0       0

දලුවගෙදර Tuesday, 23 September 2025 02:04 PM

දැන් රට යන අත පේනවා ඇති හැමටම!

:       0       0

ගමේ එකාලා Tuesday, 23 September 2025 02:45 PM

සල්ලි හම්බ කරන්න බලනවා මිසක්, වෙන කිසිම දෙයක් වැදගත් නැතුව ඇති. අනතුරු සිදුවෙන එක කියන්න දෙයැක්යැ?

:       2       3

ගුණරත්නWednesday, 24 September 2025 09:02 AM

ආණ්ඩුවේ මිලට අලුත් වෑන් එකක් අරන් සේවාව දෙනවා නම් එක පාසල් සිසුවෙක් මාසෙට 15,000ක් වත් ප්‍රවාහන ගාස්තුවක් ගෙව්වත් ලීසිං එක ගෙවාගන්න අතින් දාන්නත් වෙනවා. ඉතින් ආණ්ඩුව බොරුවට වාහන පරීක්ෂා කරලා දඩ ගහන වැඩේ වෙනුවට පාසැල් සේවයට සාධාරණ බදු රේට්ටුවකට ජපානයේ භාවිතා කල වාහනයක් ගෙන්වන්න දෙනවා නම්, අඩුම අවුරුදු 10ක් පසුපසට නිෂ්පාදන දිනය ඇති වාහන ගෙන්වන්න දෙනවා නම් ඔය කෑලි පූට්ටු කරන අටවන් යන්න ඔනවෙන්නේ නැහැ.

:       1       0

ගුණරත්නWednesday, 24 September 2025 09:02 AM

ආණ්ඩුවේ මිලට අලුත් වෑන් එකක් අරන් සේවාව දෙනවා නම් එක පාසල් සිසුවෙක් මාසෙට 15,000ක් වත් ප්‍රවාහන ගාස්තුවක් ගෙව්වත් ලීසිං එක ගෙවාගන්න අතින් දාන්නත් වෙනවා. ඉතින් ආණ්ඩුව බොරුවට වාහන පරීක්ෂා කරලා දඩ ගහන වැඩේ වෙනුවට පාසැල් සේවයට සාධාරණ බදු රේට්ටුවකට ජපානයේ භාවිතා කල වාහනයක් ගෙන්වන්න දෙනවා නම්, අඩුම අවුරුදු 10ක් පසුපසට නිෂ්පාදන දිනය ඇති වාහන ගෙන්වන්න දෙනවා නම් ඔය කෑලි පූට්ටු කරන අටවන් යන්න ඔනවෙන්නේ නැහැ.

:       1       0

Bunny Preena Wednesday, 24 September 2025 10:56 AM

බසයක හෝ වෑන් රථයක ගෙන යා හැකි අනුමත මගී සංඛ්‍යාවට වඩා එකමගියෙකුත් ගෙන යන්න ඉඩ දෙන්න එපා . මනුෂ්‍යකම ඇති, දරුවන්ට ආදරය කරන, සාධාරණව මුදල් හම්බ කරන්න කැමති හොඳ මිනිසුන් අප රටේ සිටින බව අපි මතක තබා ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site