IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුත්තලම ප්‍රා.ලේ.ගේ රාකාරියට බාධා කළ හිමිනමක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන )

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය  කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයෙ පදිංචිකරුවන් දෙදෙනෙකු හා එම ප්‍රාදේශයෙම රජයට අයත් ඉඩමක නීති විරෝධී ඉදි කිරීම් හා එළි පෙහෙලි කටයුතු වල නිරත වු එම ආගමික ස්ථානයෙ මේ වන විට රැදි සිටින භික්ෂුවක් බව පොලිසිය කියයි.

රජයට අයත් මෙම ඉඩම තුළ වසරකට වැඩි කාලයකදි පාලවිය නගරය ආසන්නයෙ පිහිටි රජයට අයත් ඉඩමක  නීති විරෝධීව අත්පත් කර ගනිමින් එහි ආගමික ස්ථානයක් ඉදි කිරීම සම්බන්ධව පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරයා විසින් පුත්තලම අධිකරණයෙ නඩුවක් පවා පවරා ඇති තත්වයක් තුළ නැවතත් එම ස්ථානයෙම තවත් ඉදි කිරීමට සිදු කිරීම හා තවත් භුමිය අත් පත් කර ගනිමින් සිදු කරන එළි පෙහෙලි කිරීම ගැන අදාල එම ඉදිකිරිම් වල නිරත පිරිස් වෙත චෝදනා එල්ල වි තිබේ.

එවැනි තත්වයක් තුළ 9 දින දහවල් මෙම ආගමික ස්ථානයෙ භික්ෂුවක් හා තවත් කිප දෙනෙකු පාලවිය ග්‍රාම නිළධාරි කාර්යාලයට කඩා වැදි ග්‍රාම නිළධාරී වරයාර මර්ණීය තර්ජනය කරමින් පහත් ලෙස හැසිරි ඇති බව කියයි.

ඒ පිලිබදව පාලවිය ග්‍රාම නිළධාරී වරයා විසින් කඩිනමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතා දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු අදාල ආගමික ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරයා සමග පරිපාලන ග්‍රාම නිළධාරී ,පාලවිය ග්‍රාම නිළධාරි හා තවත් නිළධාරී කිප දෙනෙකු පැමින සිද්දිය විමසිමට සුදානම් වී ඇති බව කියයි.

එහිදි ඒ වන විටත් පාලවිය ග්‍රාම නිළධාරීවරයාට බැන වැදුන භික්ෂුව හා අනෙක් දෙදෙනා නිළධාරීන්ට හිතා ගත නොහැකි ලෙස පහත් ලෙස බැන වදිමින් තියුණු ආයුධ හා ලි මුගුරු රැගෙන ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුළු පිරිසට පහර දීමට පහත් ලෙස හැසිරි ඇති අතර එහිදි තම දිවි බේරා ගනිමින් ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුළු නිළධාරීන් පැමිනි වාහන වලට දිව ගොස් පිටව ගොස් ඇති තිබේ.

ඉන් පසුව පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරයා හා ග්‍රාම නිළධාරී වරයා ඇතුළු පිරිස පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිනිලි කිරීමේන් පසු සිද්දිය සම්බන්ධ සැකකාර භික්ෂුව හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට අද කටයුතු කර තිබුනී.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන් අද(10)  එම සිදුවීම් වලට විරෝධය පාමින් නිහඩ විරෝධයක් සුදානම් කර තිබු අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබුනී.

 



අදහස් (2)

පුත්තලම ප්‍රා.ලේ.ගේ රාකාරියට බාධා කළ හිමිනමක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

ජයනාත් Friday, 10 January 2025 03:28 PM

පාලවිය සි⁣ට පුත්තලම දක්වා පාර දෙපස විශාල ලෙස ජනාකීර්ණ වෙලා තියෙන්නේ... එහි දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් කොපමණ ප්‍රමාණයක් විවිධ අය අල්ලගෙන ඉන්නවාද..? ඒකට ගත් ක්‍රියා මාර්ග මොනවාද?

:       0       28

mangala Friday, 10 January 2025 04:11 PM

වෙන ආගම් වල නීති විරෝධී ඉදිකිරීම් වලට නෑසූ කන්ව සිටින නිලධාරීන් බුදුපිළිමයක් දැක්කාම නැට්ට උස්සගන්නේ මොකද?

:       19       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site