පුත්තලම නගර සභාවේ බදු එකතු කරන්නකුට සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන්නැයි නගර සභා සේවකයෝ පුත්තලම නගරයේ අද (2) සවස උද්ඝෝෂණයක් ඇරඹූහ.
නගරසභා වාහන ද ගෙනවුත් ඔවුහු රෑ බෝ වීමෙන් පසුව ද උද්ඝෝෂණය කළහ. පහර දුන්නැයි කියන මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම උද්ඝෝෂණය ඇරැඹූහ.
පහර දුන්නැයි කියන මන්ත්‍රී එච්. යූ කබ්රි මහතා පවසනුයේ පොලිසිය ද සමග තමා සති පොළේ සංචාරය කළ බවයි. පහර දුන්නැයි කියන කථාව ඔහු ප්‍රතික්ෂේප කරයි. මෙතෙක් ඉරිදා පැවැති සති පොළ අද සිට සෙනසුරාදා පැවැත්වීම ගැන මහජන අදහස් විමසීමට එහි ගිය බව ඔහු කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පුත්තලම නගර සේවකයෝ මහ රෑ උද්ඝෝෂණයක
සකු Sunday, 03 March 2013 01:39 AM
වැඩ ඉවර කරලා නිවාඩු පාඩුවේ කරපු උද්ගෝෂණයක් ද කොහෙද (දී)
බෙන් ටෙන් Sunday, 03 March 2013 04:11 AM
අනේ.... ඇත්තටමද (දී)
රිලවාන් Sunday, 03 March 2013 05:21 AM
කෝ අපේ බොදු බල සේනාව? (නි)
කුමාර Sunday, 03 March 2013 07:53 AM
කාට පේන්නද (දී)
අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 08:17 AM
බොදු බල සේනාව ඕනෑ එකටයි එපා එකටයි හැම එකකටම ඇගිලි ගහන්න යන්නෙ නැහැ. ඕනෑ තැනදී වැඩේ තිතට දෙයි. (නි)
සුනිල් Sunday, 03 March 2013 08:28 AM
රිලවාන්, ඒ අය හැම කැත වැඩකටම ගාවගන්න එපා. එයාලා රටට උදාර මෙහෙවරක් කරන්න බලන්නේ. එයාලා කරන්නෙ සිංහල අපිට අගනා සේවයක්. (නි)
සරසි Sunday, 03 March 2013 09:37 AM
බොදු බල සේනාව කියන්නේ බුද්ධාගමට නිගරු වීම වළක්වාගන්න බිහි වුණු සංවිධානයක්. (නි)
සමන් - ඕමානය Sunday, 03 March 2013 08:33 PM
රිලවාන්, කරුණාකර ගරුකටයුතු සංවිධානයකට අපහාස නොකර ඉන්න. ඔබ වැනි නරුමයන් ඉන්න වර්තමාන සමාජයට එවැනි සංවිධානයක් අත්‍යවශ්‍යයි. අතීතයේ අනගාරික ධර්මපාලතුමා කළ සේවය ඔවුන් මෙදා කරාවි. (නි)
සුනිල් Sunday, 03 March 2013 10:46 AM
අන්න හොද මිනිස්සු (දී)
පද්මා Sunday, 03 March 2013 12:59 PM
සරසි, ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ම කරන්නේ නිගරුවක්ම තමයි. (නි)
ලලිත් Sunday, 03 March 2013 02:58 PM
තමන්ගේ කාර්යය නියමිත වෙලාවට කළා නම් මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
ගාමිණී Saturday, 02 March 2013 09:33 PM
සති පොළවල් කියන නමට දැන් මිනිස්සු කැමති නැහැ. දැන් ඒක ආර්ථික මධ්‍යස්ථාන ලෙස නවීකරණය කරගෙනයි තියෙන්නේ. (නි)