IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුතුගේ උදලු පහරින් පියා මරුට: මව රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක්  ඉදිරිපිටදී  පුතෙකු විසින් උදැල්ලකින් සහ පිහියකින් පහරදුන්නැයි තුවාල ලැබූ පියකු මියගොස් මව  රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.

එම ප්‍රහාරයෙන් පසු සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති  ත්‍රීරෝද රථ රියදුරෙකි.

තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය ව  සිටි පුතු මව  විසින්  මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන්  මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියට සැකකෙරෙන 28 හැවිරිදි සැකකාර පුතු අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (4)

පුතුගේ උදලු පහරින් පියා මරුට: මව රෝහලට

සුරංග Wednesday, 28 September 2022 12:36 PM

අම්මගේ ආදරය පුතා ආනන්තර්‍ය පාප කර්මයටත් යොමුකළා.. මෙම පාපකර්මයේ වැඩි කොටසක් කුඩු ජාවාරමුන්ට හිමිවෙනවා. තවත් කොටසක් ඔවුන් බේරා ගැනීමට බොරු බේගල් ගොතා උපක්‍රම යොදන අයටත් ලැබෙනවා.

:       0       26

පුරවැසියෙක් Wednesday, 28 September 2022 12:50 PM

අයියෝ මොකද්ද මේ කරගත්තේ දරුවෝ...? පොඩ්ඩක් ඉවසන්න බැරුව කරගත්ත පාප කර්මයක්.. පියතුමාට නිවන්සුව ලැබේවා... මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා... මේ පේනවනේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන අපරාධ... තව ඒවා නීතිගත කරන්නලු..!

:       0       13

soma Wednesday, 28 September 2022 02:51 PM

ඉතාමත් ම කණගාටුදායක පුවතක්. කුඩු කාරයෝ නිසා රට වැනසිලා. දැන් ළමයෙක්වත් තනියෙම පාරට යවන්න බයයි. ආර්ථික අහේනියත් එක්ක ඉස්සරහට මීටත් වඩා දරුණු දේවල් අහන්න දකින්න ලැබේවි.

:       0       4

විපරමා Wednesday, 28 September 2022 03:26 PM

අල්ලනවා කියන කුඩුත් ආයෙත් හොර පාරෙන් එනවා ඇති. කුඩු වසංගතය තුරන් කරන්න බැරි ඒ පිටිපස්සේ, දේශපාලුවන්, පොලිසියේ උදවිය, ඉන්න නිසා ජාවාරම් කාරයින්ගෙන් පගාවත් ලැබෙනවා. අන්තිමට රටේ තරුණ පරපුර විනාශ වෙන එකයි සිද්ද වෙන්නේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site