IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිතිකරුවන් අතර වේගය තවමත් ඩිල්ෂාන් සතුයි

වත්මන් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන් අතරේ වේගවත්ම පිතිකරුවා ලෙස තවමත් තිලකරත්න ඩිල්ෂාන් පෙරමුණේ පසුවෙයි. මේ වන විට එක්දින තරග 259 කට සහභාගි වී ශතක 16 ක් සමගින් ලකුණු 7254 ක් ලබා සිටින ඩිල්ෂාන්ගේ ප‍්‍රහාරාත්මක ප‍්‍රතිශතය 86.37 % කි. එනම් එක්දින තරගයකදී ඩිල්ෂාන් මුහුණ දෙන සෑම පන්දු 100 කින්ම ලකුණු 86.37 ක් රැස්කර තිබේ.

ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවා වන ඩිල්ෂාන්ගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය ලකුණු 36.82 ක් වුවද ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ නව පන්දුවට මුහුණ දෙන ඩිල්ෂාන්  ඕවර 50 ක් පුරා තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයද කරපින්නාගෙන සිටී.

තිසර පෙරේරා ලකුණු 110.48 ක ප‍්‍රහාරාත්මක ප‍්‍රතිශතයක් වාර්තා කරන නමුත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන තිසර පෙරේරා පිටියට පිවිසෙන්නේ 8 වැනි පිතිකරුවා වශයෙනි. එවන් ස්ථානයක කී‍්‍රඩා කරන තුන් ඉරියව් කී‍්‍රඩකයකුගෙන් පිතිකරුවකු වශයෙන් අපේක්‍ෂා කෙරෙන්නේ හැකි තරම් වේගයෙන් ලකුණු රැස්කිරීම විනා තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගැනීම නොවේ. මක්නිසාද යත් ඒ වන විට ඉනිමේ සෑහෙන  ඕවර සංඛ්‍යාවක් යැවී ඇති බැවිනි.

 

කී‍්‍රඩකයා තරග ඉනිම  වැඩිම ලකුණු  ලකුණු ශතක අර්ධ ශතක සාමාන්‍ය ලකුණු වේගය 
තිසර පෙරේරා 56 39 69* 506 0 1 15.81 110.48
දිල්හාර ලොකුහෙට්ටිගේ 8 8 29 77 0 0 9.62 90.58
සිචිත‍්‍ර සේනානායක 10 7 22* 63 0 0 15.75 90.00
තිලකරත්න ඩිල්ෂාන් 258 233 160* 7254 16 29 36.82 86.37
කුසල් ජනිත් 7 6 56 166 0 1 55.33 84.26
ඇන්ජලෝ මැතිව්ස් 93 74 80* 1790 0 13 33.77 83.68
ජීවන් මෙන්ඩිස් 35 25 72 417 0 1 21.94 81.86
නුවන් කුලසේකර 134 84 73 923 0 2 16.48 79.02
ලසිත් මාලිංග 139 66 56 379 0 1 8.42 78.95
මහේල ජයවර්ධන 391 365 144 10892 15 68 33.20 78.24
කුමාර් සංගක්කාර 340 318 138* 11026 14 74 38.68 75.75
ළහිරු තිරිමාන්න 39 27 102* 743 1 4 30.95 75.12
දිනේෂ් චන්දිමාල් 53 50 111 1367 2 9 33.34 74.90
රංගන හේරත් 40 15 17* 58 0 0 8.28 69.87
ශමින්ද එරංග 5 4 2 3 0 0 1.50 25.00



අදහස් (0)

පිතිකරුවන් අතර වේගය තවමත් ඩිල්ෂාන් සතුයි

චන්දිම Monday, 10 June 2013 03:30 PM

දිල්හාර ලොකුහෙට්ටි ව ටිකකට මුලින් එවල බැලුවොත් නරකද? (ස)

:       0       0

බෙනට් Monday, 10 June 2013 12:55 PM

මම නම් හිතන් හිටියේ දිල්ශාන් ව ඉස්සෙල්ලම එවන්නේ හැකිතරම් ඉක්මනින් ලකුණු ටිකක් ගහන්න කියලයි.. (ස)

:       0       0

දිනේෂ් Sunday, 09 June 2013 10:25 PM

මම නම් කියන්නේ කී වැනි ස්ථානයට පහර දෙන්න ආවත් ඒ අවස්ථාවේ හැටියට පන්දුවට පහර දෙන්න පුළුවන් වෙන්න ඕනෑ.ක්‍රීඩකයකුගේ භූමිකාව එක් එක් තරගය ක්‍රියාත්මක වන හැටියට වෙනස් වෙන්න ඕනෑ. (නි)

:       0       0

සජිත් Monday, 10 June 2013 10:25 AM

පන්දු යවන්නෙක් වුවද පන්දුවට පහර දීමට පැමිණි විට තමා පිතිකරුවෙකු යැයි සිතා පන්දුවට පහර දීම තුලින් තමා කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගත හැකි අතර විශ්වසනීය ඉනිමක් ගොඩ නැගිය හැකිවේ. මෙයට නුවන් කුලසේකර හොදම උදාහරණය වේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site