කඳසුරිඳුන් එදා වල්ලි අම්මා රැගෙන විවාහවීමට යන අවස්ථාවේ ඊතල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සිහිගන්වමින් කතරගම ඇසළ පෙරහරට එක්වන ඌරුවරිගේ බංඩිලා ඇත්තන් කතරගම දෙවියනට ඊතල ප්‍රහාරයක් එල්ල කිරීමට සැරැසෙයි. පෙරහරේ ගමන් ගන්නා අදිකාරම ඔහුට පඬුරු මල්ලක් දී එම ක්‍රියාව වළක්වා ආදිවාසියා පෙරහර ආරක්ෂාවට යොදාගනී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පඬුරු මල්ලට ඊතලය යටවේ
තිළිණ Wednesday, 25 July 2012 03:25 AM
මේ වගේ අඥාන සිදුවීම් සිදු කිරීම නවත්වන තාක්කල් මේ රටට හරි යන්නේ නැහැ යන්න මගේ අදහසයි. (නි)
මහේල Monday, 23 July 2012 11:22 AM
බොරු වැඩ...(ස.වි)
තරුෂ Monday, 23 July 2012 11:28 AM
අපේ දූ දරුවන්ටත් දකින්නට මේ දේවල් තව බොහෝ කාලයක් රැක ගන්නට ශක්තිය ලැබේවා ! මේ අපේ සංස්කෘතික උරුමයන්......(ස.වි)
රිෂ් Monday, 23 July 2012 04:28 PM
කතරගම දෙවියන් මතු බුදු වේවා (දී)
කසුන් Friday, 27 July 2012 11:31 AM
කතරගම දෙවියන් මතු බුදුවේවා (දී)
පුරවැසි Monday, 23 July 2012 12:00 PM
පුරාණ සිරිත් විරිත් දැක ගන්න ලැබීම සතුටක්.....නිකන් කට වරද්දගන්න එපා.....(ස.වි)
ආචාර්ය වසන්ත ලියනගේ Monday, 23 July 2012 12:12 PM
කතරගම ඇසළ මංගල්‍ය යේ දුන්නෙන් විදීමේ චාරිත්‍රය පෙරහර ආරම්භක වකවානුවේ සිටම පැවතෙන සංස්කෘතික අංගයකි. කතරගම ඇසළ පෙරහරේ ආදිවාසීන්ගේ දායකත්වය පෙන්නුම්කරන මෙම අංගය වටිනා සංස්කෘතික අංගයක් ලෙස සළකා ආරක්ෂා කර ගැනීම මිස එය අවඥාවට ලක්කිරීම බුද්ධිමතුන් විසින් කළයුතු කටයුත්තක් නොවන බව මාගේ හැඟීමයි. කතරගම පුදබිමේ සිට මෙම සියළු සිදුවීම් දෙස මහත් බැතියෙන් යුතුව බලා සිටිමි..(ස.වි)
දර්ශන Monday, 23 July 2012 12:31 PM
ටාසන් , ආ , ඉතින් දෙවියන්ට ඒකෙන්වත් ආරක්ෂා වෙන්න බැරිද ? ආතල් කාරයෝ කොහෙත් සිටී. දැනටම තුනක් මෙතන සිටී. .(ස.වි)
සමන් Monday, 23 July 2012 01:36 PM
විකාර........... ලොවෙත් නැ.........(ස.වි)
ප්‍රියලාත් Monday, 23 July 2012 01:46 PM
කතරගම පෙරහරට ආදිවාසි නියෝජනය තවමත් තිබීම පිළිබද සතුටුයි. සැමට කද සුරිදු පිහිටයි! (නි)
sugath bandara Monday, 23 July 2012 01:53 PM
කතරගම දෙවියන්ගේ බලයෙන් මෙකේ සතය නොදකින අයට දඳුවම් ලැබේව. මිනිසුන් වසර දහස් ගණනකට පෙර සිට කරගෙන එන චාරිත වාරිත්‍ර ගැන දන්නෙ නැත්සම් මේවගේ මෝඩ අදහස් දමන්න එපා මහේල (අ)
සෙනරත් Tuesday, 24 July 2012 07:49 AM
සංස්කෘතියට අගෞරව නොකර රැක ගන්න බලමු. (නි)
ලක්මාල් Monday, 23 July 2012 01:58 PM
ආචාර්ය වසන්ත ලියනගේ, දර්ශන හරි.. කරන කෙනා මොකක් හරි විශ්වාසයක් නිසා තමයි මේ දේ කරන්නේ.ඒක කවුරුවත් ගැටළුවක් කර ගත යුතු නැහැ..මේ කරන දේ තමන්ට අදාල දෙයක් නොවන නිසා. (නි)
රොහාන් Monday, 23 July 2012 02:16 PM
අපේ දරුවන්ට දැකගන්නට මෙවැනි දේවල් රැක ගැනීම වටිනවා .... (දී)
උදාර Monday, 23 July 2012 07:47 PM
කද සුරිදුගේ පිහිට ලංකාවට පමණක් නොව මුලු ලෝකයටම ඇත. (නි)
සුසිල් Monday, 23 July 2012 03:41 PM
මහේල, මේවා බොරු වැඩ නෙමෙයි.අපේ සංස්කෘතිය රැකෙන්නේ මෙහෙම දේවල් වලින් තමයි. (නි)