IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පඩි වැඩි කරන පනත් වලට කතානායක අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (23)  සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා වූ  දෙවනවර කියවීමේ විවාදය ඊයේ (22)  පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී මෙම පනත්කෙටුම්පත් ත්‍රිත්වයම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය  පළමු වර කියවීම සඳහා 2025.06.03  දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ) 2025 අංක 9 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත)  2025 අංක  10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 11සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.

ඒ අනුව  2025 අංක 09 දරන සේවකයනගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත මගින්  සේවකයන්ගේ අයවැය සහන දීමනාව 2025 මාර්තු 31 දින සිට ගෙවීම නැවැත්වීම 2025 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.

එමෙන්ම 2025 අංක 10 දරන, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත මගින්  2025 මාර්තු මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි අයවැය සහන දීමනාව ගෙවීම නැවැත්වීම ,  2025 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.

 

 



අදහස් (1)

පඩි වැඩි කරන පනත් වලට කතානායක අත්සන් කරයි

fairoos Thursday, 24 July 2025 11:53 AM

නියමයි... වතු කම්කරුවන්ගේත් පඩි වැඩි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site