IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාඩු ලැබීමෙන් හෝටල්- සංචාරක නිකේතන දහදාහක් වැහිලා

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )

ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ මිල අහස උසට ඉහළ යෑමෙන් පාඩු ලැබීම නිසා රටපුරා තරු මට්ටමේ හෝටල් ,විලා , ගෙස්ට් හවුස් ඇතුළු  සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි
ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති සහ  කෑගලු දිස්ත්‍රික් හෝටල්  හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක  ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.

විදුලිය බිල ඉහළ යෑම නිසා හෝටල්, විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන තවත් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමක් මතුව ඇතැයිද  ඔහු සඳහන් කළේය.

හෝටල්  ක්ෂේත්‍රය මුහුණදී ඇති මෙම අර්බුදය හමුවේ  එම ක්ෂේත්‍රයේ විවිධ රැකියාවන්හි නියුතුව සිටි පළපුරුදු සේවක සේවිකාවන් පනස් දහසක් පමණ විදේශයන්ට ගොස් ඇතැයි පැවසූ තිලකරත්න මහතා හෝටල් ඇතුළු සංචාරක නිකේතන පවත්වාගෙන යෑමට එය විශාල බාධකයක්වී ඇතැයිද  ප්‍රකාශ කළේය.

සාමාන්‍ය  විලා ලැගුම්හලක මෙතෙක් පැවතුණේ රුපියල් 10,000 කට  ආසන්න විදුලි බිලක් වන අතර එම  විදුලිබිල නව සංශෝධනය අනුව රුපියල් හැට දහසක් දක්වා ඉහළ යනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

හෝටල්වල විදුලි බිල තුන් ගුණයකින් පමණ වැඩිවී ඇතැයි හෝටල් හිමියෝ පෙන්වා දෙති.

එසේම හෝටල්වල වතුර බිලද විශාල වශයෙන් වැඩිවී ඇතැයි පවසන  එම හෝටල් හිමියෝ  පාන් පිටි බිත්තර මිල විශාල වශයෙන් වැඩි වීම නිසා හෝටල් වල කේක්,සැන්විච්  යනාදී  ආහාර ද්‍රව්‍ය පිළියෙල කිරීමද  ගැටළුකාරීවී ඇතැයි සඳහන් කළේය.

මේ අතර විදුලිය විසන්ධි කිරීමද හෝටල් සහ විලා  පවත්වාගෙන යෑමට  ලොකු බාධකයක්වී ඇති බවත්  විදුලි උත්පාදක යන්ත්‍ර නොමැති හෝටල්  මෙහිදී බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බවත්  ඔවුහු සඳහන් කරති.

විදුලිය විසන්ධි කාලසීමාවන් හිදී විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් බොහෝ හෝටල් වලට අමතර විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි  ගාල්ල ප්‍රදේශයේ හෝටල් හිමියෙක් පැවසීය.

හෝටල්වල පාවිච්චි කරන ටොයිලට් පේපර්ස් ඇතුළු භාණ්ඩ වල මිල අහස උසට නැග ඇති බවත් රුපියල් 100ට පැවති එම පේපර්ස් බණ්ඩලයක මිල  රුපියල් 400 දක්වා ඉහළ  නැග ඇති බවත්   ඔහු සඳහන් කළේය.

හෝටල්වලින් සියයට  95 ක් ම පවත්වාගෙන යන්නේ  බැංකු වලින් ලබාගත් ණය මුදල් මඟින් බවත් හෝටල් වල ආදායම් මට්ටම විශාල වශයෙන් පහත යෑම නිසා අද ඒ හෝටල් හිමියන්ට බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකිව  අසරණව සිටින බවත් වාර්තාවේ.

සමහර හෝටල් ඒවායේ හිමිකරුවන් විසින් වෙනත් පුද්ගලයන්ට කුලියට ලබා දෙනු ලැබ ඇතත් ඔවුන්ද එම හෝටල් පවත්වාගෙන යැමට නොහැකිව මුල් හිමිකරුවන්ටම ආපසු ලබාදී ඇත.

මේ අතර සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් සංචාරක මගපෙන්වන්නන් 2000කට ආසන්න පිරිසක්ද  යන එන මං නැතිව අසරණව   සිටින බව සංචාරක මගපෙන්වන්නන්ගේ සංගමය පවසයි.



අදහස් (2)

පාඩු ලැබීමෙන් හෝටල්- සංචාරක නිකේතන දහදාහක් වැහිලා

mp Wednesday, 28 September 2022 09:42 AM

කියන්න ඩයනාට.... හදලා ගනියි...

:       1       4

fairoos Wednesday, 28 September 2022 01:35 PM

රනිල් රාජපක්ෂ ඇතුළු සෙට් එකම තොලොංචි වෙලා යන්න ඕනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site