කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම් වල ප්‍රගතිය මාසයකින් අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.
පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෝර්ට් සිටි ව්‍යාපෘතියට අදාළ පාරිසරික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම දෙසැම්බර් මුල සිට ආරම්භ කර ඇති බව හෙතෙම පැවසීය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කියා සිටියේ රජය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන රජය සමග ඇති ගිවිසුම ලබන මාර්තා මාසය තෙක් දීර්ඝ කර ඇති බවයි.
එසේම ව්‍යාපෘතිය සඳහා ගොඩ කෙරෙන හෙක්ටයාර 233 මේ වන විට හෙක්ටයාර 269 දක්වා වැඩි කර ඇති බවද නීතිඥ දාබරේ මහතා කියා සිටියේය.
පෙත්සම ලබන ජනවාරි 25 වැනිදා සළකා බැලීමටද,එදිනට එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසටද අභියාචනාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තර කරුවන් ලෙස ශ්‍රීලංකා වරාය අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තු අධ්‍යක්ෂක ජෙනරාල්,මධ්‍යම පරිසර අධිකාරිය,ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය පෙන්වා දේ.එබැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලු ගිවිසුම් අහෝසි කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන්ගේ ඉල්ලීමයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝට් සිටි ගැන මහජන විමසීම් මාසෙකින් උසාවියට
විජිත් Friday, 11 December 2015 04:27 PM
පරිසර වාර්තාවක් නැතුව මේ ව්‍යාපෘතිය අනුමත කළේ ඇයි? ලැජ්ජයි මහත්වරුනේ... (නි)
හේමන්ත Saturday, 12 December 2015 03:10 PM
මෙම ගොඩකිරීමට කළුගල් ,වැලි අතිවිශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. විශාල පරිසර හානියකි. (නි)
මෙල්ජින් දී සිල්වා Saturday, 12 December 2015 01:00 AM
හැකි ඉක්මනින් කොළඹ අලුත් කළයුතුය (නි)
ඉසුරන්දි Saturday, 12 December 2015 05:18 AM
මේ ආණ්ඩුවෙන් ඕක කරගෙන ගියා නම් අපේ මිනිස්සු කියන්න පටන් ගනීවි ඕකට ගිය ආණ්ඩුවෙන්නේ මුල්ගල තියා පටන්ගත්තේ කියලා. ගොඩක්ම සංවර්ධන කටයුතු අතරමඟ නතරවෙන්න එක හේතුවක් තමයි ජනතාවගේ විරෝධතා පෙළගැස්ම. (නි)
දර්ශන Saturday, 12 December 2015 05:30 AM
මේක ඉක්මනින් කරන්න. හොඳ වැඩක්. මේක අපේ කාලේ වැඩක් (නි)
තිස්ස Friday, 11 December 2015 02:29 PM
අනිවාර්යෙන් මෙය ඉදිකිරීම් අරම්භ කළ යුතුයි හැකි ඉක්මනින්.(හේ)