IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පිටි මිල අඩු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් නියෝගයක්

(අජන්ත කුමාර අගලකඩ )
 

පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස  නියෝගයක් නිකුත් කිරීමට කැබැනට් මණ්ඩලය තීරණය කර ඇත.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.


ප්‍රීමා පිටි කිලෝවක මිල රුපියල් පහකින්  හිතුමතේ වැඩි කිරීමට සමාගමට ඉඩදී බලා සිටීම සම්බන්ධයෙන්  කැබිනට්  රැස්වීමේදී  ඇමැතිවරු  කිහිප දෙනකු පාරිභෝගික  සේවා අධිකාරිය දැඩි  විවේචනයකට ලක් කර ඇත.


එහිදී  අදහස් දක්වා ඇති ඇමැති ආචාර්ය සරත් අමුණුගම  මහතා  ප්‍රිමා සමාගමට  පිටි මිල  වැඩි කිරීම  නැවැත්වීමට  පාරිභෝගික අධිකාරියට නොහැකි   නම් මේ  ආයතනයේ හිදීමේ තේරුම කුමක්දැයි  විමසා තිබේ.


ඇමැති  නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින්  රට පාලනය කරන්නේ ආණ්ඩුවද නැතිනම් සමාගම්දැයි විමසා  ඇත.
 සමාගම් හිතුමතේ මිල වැඩි කරන්නේ නම්  එය නැවැත්වීමට  පාරිභෝගික අධිකාරියට නොහැක්කේ මන්දැයි   ද ඇමැතිවරයා විමසා තිබේ. 



අදහස් (5)

පිටි මිල අඩු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් නියෝගයක්

Perera Tuesday, 18 September 2018 07:51 PM

වෙළඳපොල ආර්ථික රාමුවක් තුල භාණ්ඩ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතය. ඕක මට ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන මහතාමයි. ඒ ක්‍රමවේදයට පාර්ලිමේන්තුව මැද්දට පැනල මෙතැනදී මිල පහල දාන්න තීරණය කරන්න ගියොත් වෙන්නේ රටේ පිටි හිඟයක් ඇතිවීමයි. ඒකත් මට ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන මහත්මයාමයි.

:       60       2

Hafeel Wednesday, 19 September 2018 01:34 AM

මේ ඇමතිලා දැන් හරි තේරුම් ගන්නොන මේ ආණ්ඩුව දුර්වලකම ගැන. මේ ආණ්ඩුවේ දුර්වල කම ගැන ඒ සමාගම් දැනගෙනයි ඉන්නේ.

:       0       23

OMG Wednesday, 19 September 2018 04:40 AM

අපේ කැබිනට් ඇමතිවරුන්ගේ සැර. පුදුමයිනේ?

:       0       20

Wade MudalaaliWednesday, 19 September 2018 06:49 AM

පිටි මිල අඩු කරන්න පාරිභෝගික අධිකාරියට බැරිනම් අධිකාරිය විසුරුවා හරින්න.

:       0       27

ananda Wednesday, 19 September 2018 07:11 AM

ඔක්කොටම බැහැ තමයි. බැරි වැඩේ කාටහරි දීලා ගෙදර යන්න. බොරුවට විරුද්ධ වෙලා වැඩක්නෑ

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site