රනින් නිමවන ලද ගාංචුවක් යෙදු කලිසමක් ඇදගෙන රන් කැබැල්ලක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වල බර ග්‍රෑම් 289 ක් වන අතර එහි වටිනාකම රුපියල් දාහතර ලක්ෂ හතලිස් පන්දාස් දෙසීයකි.
සැකකරු කොළඹ ගුණසිංහපුර පදිංචි 33 හැවිරිදි රෙදි පිලි ව්‍යාපාරිකයෙකි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 173 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, එස්.පී කරුණාරත්න, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන සරත් අතුකෝරල, පී.එච්.යු.අයි විෙජ්පාල, සහකාර රේගු අධිකාරීවරුන් වන චතුර අබේසිරිවර්ධන, මහේෂ් මධුෂංක, මංජුල ප්‍රසාද්, අසංක ප්‍රියදර්ශන, නුවන් ජයසුන්දර සහ ධම්මිකා ප්‍රියදර්ශනී යන නිළධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පටි ගාංචුව රෙදි මුදලාලිගේ රෙද්ද ගලවයි
චන්ද්‍රා කොට්ටව්ච්චි Sunday, 26 October 2014 09:41 AM
බැංගලෝර් ගුවන් තොටුපළෙන් එන අයගේ රෙදි ගැලුව්වට කමක් නෙහැ සොරුන් නම්. ලංකාවෙන් ඉන්දියාවට සිංගප්පුරුවට ඩුබායි වැනි රටවලට යන අයගෙත් ගුද මාර්ග සහ සියලුම බඩු අධි සමීක්ෂණයකට පත් කල යුතුය. රටේ ආර්ථිකය වනසන මෙවෙනි අයට උපරිම දඬුවම් ලබා දිය යුතුය (නදී)
දයා අලහකෝන් Sunday, 26 October 2014 09:52 AM
අපරාධෙ (බ)
වරුණ Monday, 27 October 2014 04:46 AM
අනේ පවු දෙයියනේ! (නි)
ධම්ම Sunday, 26 October 2014 04:01 AM
ගුද මාර්ගයේ සඟවාගෙන ගිය එක නම් හොරකමක් නමුත් පටි ගාන්චුව ගැන එහෙම කියන්න බැහැ.(නදී)
ධම්මික Sunday, 26 October 2014 06:25 AM
මෙම හොරුන් හින්ද අපිට නිදහසේ ගුවන් ගමනක් යන්න නැහැ. බැංගලෝරේ ගුවන්තොටුපොළේ ලංකාවෙන් එන හැමෝගෙම රෙදි ගලොනවා. ඉන්දියාවෙන් හිතන් ඉන්නේ ලංකාවෙන් එන ඔක්කොම හොරු කියලා. බලදාරීන් විසදුමක් දෙන්න. (නදී)
කලීල් බංඩාරවෙල Sunday, 26 October 2014 06:35 AM
අනේ මුදලාලි මොනවද කරගත්තේ ? (නදී)
ඉසුරන්දි Sunday, 26 October 2014 07:00 AM
දැන් ගුද මාර්ගයට නිවනක් නැතුව යනවා මේ වැඩෙන්. (බ)