(අංජුල මහික වීරරත්න)
ගොයම් පැලයක් , පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ පත් කර තිබෙන්නේ ඇයි දැයි කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ගෙන් විමසීය.
2023 වර්ෂයේ දී මෙරට පශු සම්පත් අංශයේ කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හා ඇතැම් නිලධාරීන් මහජනතාවට සේවාවන් සැපයීමට අත්‍යවශ්‍ය ස්ථානවලට පත් නොකිරීම නිසා ජනතාව මෙන්ම රජයත් අපහසුතාවයට පත්වෙන බැවින් දැනට සිදු කර තිබෙන එවැනි පත් කිරීම් අත්‍යවශ්‍ය ස්ථාන වෙත අනුයුක්ත කරන ලෙස ද අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිට කොටුවට කෘෂි නිලධාරීන් පත් කරලා
sharm warn Thursday, 12 January 2023 10:35 AM
මෙන්න මෙන්න ,මෙයා නින්දෙන් ඇහැරිලා .දැන් කවුද ඔය පත්වීම් දීලා තියෙන්නේ ,අපිද ?චන්දය බලාගෙන කරපු අලුගුත්තේරුකම් වලට ආයතනයේ ඉන්න නිලධාරීන් ගෙන් උත්තර අහන්න එපා මෝඩයෝ .ගිහිල්ලා අහනවා අර සබිතාපයට කෝටි ගණන් ගෙව ගෙවා ආතල් ගත්තු තට්ට පුතා ගෙන්
Prase Thursday, 12 January 2023 11:20 AM
කොන්දක් තියන නිලධාරී නම් අමාත්‍යතුමා කියපු පලියට බඳවා ගන්න ඕන නෑ .නිලධාරී හොරු කියලා තේරුම් ගන්න.ඔය කියන සේවකයෝ ඔය නිලධාරීන් ගේ පුත්තු වෙන්න පුළුවන් .ගොන් විදිහට හිතන්න එපා
sharm warnThursday, 12 January 2023 12:35 PM
අයියො ඔයාට තවම ලන්කාවෙ දේශපාලනය ගැන තෙරෙන්නෙ නෑ කියල මට විස්වාස කරන්නත් අමාරුයි.. ඔයාම ටිකක් හොයල බලන්නකො කොන්දක් තියාගෙන වැඩ කරපු නිලධාරින්ට මොනවා වෙන්න ඇතිද කියලා. . . අපි නම් ඔන හැටියෙ දක්කා.. අපි බොරුවට මුව හමට තලන්න ඔනද තව දුරටත්? අර නාඋල අධ්‍යපන කාර්යාලෙට රියදුරෙක් පත් කරලා එව්වා එ කාලෙ අකිල විරාජ්..හැබැයි එහෙ වාහනයක් නෑ.. එ මනුස්සයා වෙන වැඩක් කරලත් නෑ තමන් ආවෙ රියදුරු රස්සාවට කියලා... . මෙව්වත් ඒ් වගෙ තමයි..
pakeer Thursday, 12 January 2023 11:09 AM
ඕවා මොනවද?තව රජයේ කාර්යාලයක පරිගණක සම්බන්ධයෙන් සේවකයෝ අතිරික්තයක් ඉන්න තැනක .පරිගණක 400 ක දූවිලි පිහදාන්න විතරක් කෝටියක් දෙනවා අවුරුද්දට
ගජමිතුරු Thursday, 12 January 2023 12:54 PM
නිළධාරින් බලුවී දේශපාලුවො රජවූ අවස්ථාවක් කියලා කියන්න පුළුවන් ඇත්තටම රටේ නගරවලට සම්බන්ධ ග්‍රාම නිළධාරි වසම් වලට කොහොමවත් සංවර්ධන නිළධාරින් කෘපනිසලා අවශ්‍ය නැහැ මේවාට සේවක සංඛ්‍යා අනුමත කරන බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය මෙහෙම සේවකයින් පත්කර ගෙන පොහොර විකුණා පඩිගෙව්වෙ කියලා මහ උජාරුවට කියනවා.මිනිසුනේ දැන්වත් සේවක සංඛ්‍යා සමාලෝචනය කර අනවශ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමට හෝ ඉවත්කිරීමට කටයුතු කරන්න
Nishantha R Friday, 13 January 2023 09:19 AM
ඇයි තට්ටු ගොඩනැගිල්ලක් නැති පල්ලෙබැද්ද රජයේ රෝහලට ලිෆ්ට් ඔබරේට කෙනෙක් අරගෙන තිබුනෙ. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.