පිළියන්දල කලාපයේ දෙවැනි වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය සිංහල, ගණිතය හා අද (17) පැවැති විද්‍යාව ප්‍රශ්න පත්‍ර පිටවී ඇති නිසා එම විභාග අවලංගු කර නැවත පවත්වන්නැයි ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක් කළේය.
නැවත විභාගය නොපැවැත්තුවහොත් දක්ෂ සිසුනට අසාධාරණයක් වන බවත්, පිටවූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත් ඇගයීමෙන් පසු නැවත විභාගය පැවැත්වුවහොත් ගුරුවරුන් අපහසුතාවට පත්වන බවත්, ඒ නිසා හැකි ඉක්මණින් විභාගය අවලංගු කර නැවත පවත්වන ලෙස ඉල්ලන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
වාර විභාගයේ 11 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් අද (17) පැවැත්වීමට නියමිත විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කළින් පිටවීයැයි ලද තොරතුරකට අනුව ප්‍රධාන පෙළේ පාසලක සිසුන්ගෙන් ඊයේ (16) ඒ ගැන විමසද්දී පිළිතුරු ලියාගෙන ආ කොළ ගුරුවරුන් අතට පත් කර ඇත. සිසුන්ගෙන් ඒවා ලබා ගත් ගුරුවරු ඒවා කලාප අධ්‍යාපන අධයක්ෂවරියට හා සෙසු අධ්‍යක්ෂවරුන්ට භාර දුන්හ.
එම පිළිතුරු පත් අද (17) පැවැත්වීමට නියමින විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත් සමග සන්සන්ධනය කරද්දී පළමු ප්‍රශ්න 15 පිළිතුරු ඒ ආකාරයෙන්ම ගැලපී තිබිණි. කළාප අධ්‍යක්ෂවරිය උපදෙස් දී ඇත්තේ කිසිදු විභාගයක් අහෝසි නොකර එලෙසම පවත්වන ලෙසයි. ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍රවලද පිළිතුරු පරීක්ෂා කර සිසුනට ලකුණු දෙන්නැයි ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව පිටවූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය අද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටවූ ප්‍රශ්න පත්‍රයම දීලා
මහේෂ් Thursday, 17 July 2014 09:39 AM
අනේ මෙහෙමත් වැඩ! (නි)
ජයසේන Friday, 18 July 2014 12:17 AM
අධ්‍යාපනය විනාශකර ගොඩක් කල්. පුදුම කාරණාව අපේ රටේ මිනිසුන් මේවා දිහා බලාගෙන නිහඬව ඉන්න එකයි. (නි)
සේරම් Thursday, 17 July 2014 12:07 PM
අධ්‍යාපනයටත් ඇමති කෙනෙක් හිටියනම් (නදී)
ප්‍රශාන්ත Thursday, 17 July 2014 07:22 AM
ඇමති ? (නදී)
කුසල් Thursday, 17 July 2014 07:35 AM
දැන් වාර විභාග සිසුන් අසමත් කරන විභාග නොවන නිසා පාඩුව කොපි කරන අයටමයි.(නදී)
සේන Thursday, 17 July 2014 07:59 AM
පිටවෙච්ච ප්‍රශ්ණ පත්තරයම විබාගෙට ගත්තේ නැතිනම් ප්‍රශණ පත්තරය ලබාගත්ත ළමයින්ටයි පිටකරපු අයටයි දෙගොල්ලන්ටම පාඩු සිද්දවනවා. එයාලගේ මානුෂික අයිතීන් ගැන කලාප අධ්‍යක්ෂකවරිය සලකාබලා තියෙනවා. (නදී)