ව්‍යාජ ජර්මන් ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සිංගප්පුරුවේ සිට ප්‍රංශයට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් සිංගප්පුරුවෙන් පිටුවහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වව්නියාවේ මාන්කුලම් හි පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය 8 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් මෙරට සිට සිංගප්පුරුවට ගොස් ඇත. ඔහු ඒ සඳහා තම වලංගු ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
පසුව සිංගප්පුරුවේදී තැරැව්කරුවෙකු විසින් ව්‍යාජ ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් ඔහුට ලබා දී තිබේ.
රුපියල් ලක්ෂ දහයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සැකකරුට ප්‍රංශයට යාම සඳහා ව්‍යාජ ලිය කියවිලි සකස් කොට දී ඇති බව කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිටුවහල් කළ ලාංකිකයා කටුනායකදී අල්ලයි
ටෙරන්ස් Saturday, 11 April 2015 04:33 PM
අපරාදේ සල්ලි (බ)