IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැට්‍රිෂියා සුසිල් හමුවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස  සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය   සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී  හමුවිය.

එහිදී, මෙරට අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය කිරීම, කෘත්‍රිම බුද්ධිය භාවිතය වැඩිදියුණු කිරිම, ඩිජිටල්කරණය ප්‍රචලිත කිරීම සහ අදාළ ක්ෂේත්‍රවල පවතින අවස්ථාවන් හඳුනාගැනීම පිළිබඳව දෙපාර්ශවය අතර පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ මහ ලේකම් දම්මික දසනායක මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහකාර මහලේකම් මහාචාර්ය ලුයිස් ෆ්‍රැන්සිස්චි,  පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයයේ මාණ්ඩලික ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩෙබොරා ජේමිසන්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාලන හා සාම අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක සහ ප්‍රධානී (ආසියානු කලාපීය) දිනීෂා පණ්ඩිතරත්න, මාධ්‍ය සහ මහජන කටයුතු පිළිබඳ සන්නිවේදන නිලධාරී ඇමී කෝල්ස්, යන මහත්ම මහත්මීහුද  සහභාගි වූහ.



අදහස් (0)

පැට්‍රිෂියා සුසිල් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site