ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්විණි. රුසියාවට ඉරාන ජනාධිපතිවරයාට, රුසියන් රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ජනාධිතිවරුන් දෙදෙනාගේ හමුවට මාතෘකාව වූයේ ඊශ්‍රායල හමාස් ගැටුමය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තිරයේ මුස්ලිම් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපතිවරයා පුටින් හමුවේ සිය කනස්සල්ල පළ කළේය.
ඊශ්‍රායල හමාස් අර්බුදයට රුසියාව ද මැදිහත් වී සිටී. ඒ, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණ ඇතිවය.
රුසියාවේ දී ඉරාන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, පුටින් මැදපෙරදිග සංචාරයක කරමින් එක්සත් අරාබි එමීර්වරයාත්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුත් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
(ඒ.එෆ්.පී.)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පුටින් හමුවෙන්න ඉරාන ජනපති ඇවිල්ලා
ලුම්බිණි Friday, 08 December 2023 06:47 AM
එකම ජාතියේ කුරුල්ලෝ එක අත්තක තමයි ලගින්නේ...
wedage Friday, 08 December 2023 10:05 AM
පුටින්ට ජය වේවා