(කීර්ති ප්‍රනාන්දු)
කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොමැති පුද්ගලයන් දොළොස් දෙනෙකු හට සිදු කරන ලද පී . සී ආර් . පරීක්ෂණයකින් එම පුද්ගලයන් දොළොස් දෙනාම කොරෝනා වෛරසය ආසාදිත බවට වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .ඒ.යු.ටි. කුලතිලක මහතා පවසයි.
මෙම රෝගීන් දොළොස් දෙනා කටාන සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි විවිධ මට්ටමේ වයස්වල පසුවන්නන් බව ද කුලතිලක මහතා කියයි.
එසේම මෙම රෝගීන් දොළොස් දෙනා කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවත් ඔවුන් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයකු හෝ නිරෝධායනය සිටි පුද්ගලයන් නොවන බවද කුලතිලක මහතා කීය.
ඉකුත් 18 වන දින පී .සී .අර් . පරීක්ෂාවට ලක් වූ මෙම පුද්ගලයන් දොළොස් දෙනාගේ වාර්තා ඊයේ 21 දින ලැබුණු බවත් අනතුරුව ඔවුන් පිරිස ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර ඇති බව කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පිටින් නොපෙනුනත් පී.සී.ආර්. කළ දොළහම පොසිටිව්
Bunny Preena Saturday, 26 February 2022 09:43 AM
පෞද්ගලික බස්වල සමහර කොන්දොස්තරවරු සහ සමහර රියදුරන් මාස්ක් දාන්නේ නැහැ. ඉතින් කොහොමද මාස්ක් නැතිව ඉන්න කෙනෙකුට මාස්ක් දාන්නයි කියන්නේ? මෙවැනි පුද්ගලයින් සමාජයේ සැරිසරන තෙක් කෝවිඩ් පාලනය කිරීමක් ගැන සිතීම අදහසකට පමණක්ම සීමා වෙයි...