IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුංචි රෝහල් ලඟත් ඔසුසල් ඇරඹෙයි

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය න ලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම ඔසු සල් වලින්  ජනතාවට උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට  ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තෙවන රාජ්‍ය ඔසුසල ශාඛාව මෙය වන අතර, ගල්කිස්ස හා කිරිබත්‌ගොඩ යන නගරයන් හි අනෙක් ඔසුසල ශාඛා මීට ප්‍රථම ස්ථාපිත කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා කීය.



අදහස් (2)

පුංචි රෝහල් ලඟත් ඔසුසල් ඇරඹෙයි

ගුණරත්න Saturday, 28 June 2025 07:47 AM

ආණ්ඩුවට බරක් නැතිව ව්‍යාපාර කරන ඉන්න අයට කෙළවන්න මේ ආණ්ඩුව හරිම උනන්දුයි...!

:       0       0

යෝගා ඩෝබි Saturday, 28 June 2025 09:50 AM

බොරු සෝබන වැඩ. අපේ කෙහෙළිය හිටපු ඇමැතිතුමා හිටියා නම් සෑම රෝහලක් ඉදිරිපිට මල්ශාලාවක් ස්ථාපිත කරලා තමයි නතර වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site