(සුජිත් හේවාජුලිගේ)
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන හෙයින් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පාවිච්චි කරන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට එදිනට පෙර බාර දෙන්නැයි දැනුම්දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට හෝ නිකුත් නොකර වෙනම තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම වාහන අවභාවිත වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන්ට අමුතුවෙන් වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවනු ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
නිල කාලය ලබන 19 වැනිදායින් අවසන්වීමෙන් පසු සියලුම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
ලබන 19 වැනිදා නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341කි. එයට නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් වේ.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි පාර්ලිමේන්තුවේ කාලය 19යෙන් අවසන්