IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුංචි පුතා පිළිස්සු බාප්පා හිරේ

අවුරුදු දහයක දරුවකු පුළුස්සා වද හිංසා කළ මවගේ අනියම් සැමියාට කෑගල්ල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මෙනවිය  බරපතල වැඩ සහිත දස වසරක  සිර දඩුවමක්ද රුපියල් 5000 ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් දෙවසරක සිර දඩුමක්ද නියම කළාය. කිතුල්ගල ඉන්ඔය වත්තේ රෙන්ගයියා සේගන්ට මෙම දඩුවම නියම කෙරිණි. තම පියා මිය ගිය පසු ගෙදරට ආ බාප්පා  එක් දවසක් තමාගේ ඇගේ මිරිස්කුඩු අතුල්ලා  මිටියෙන්ද ගසා පිළිස්සු බව  උසාවියේදී කියා සිටියේය. දරුවා පරිවාස භාරයේ  තබන ලෙසද නියම විය.



අදහස් (0)

පුංචි පුතා පිළිස්සු බාප්පා හිරේ

අමාලි සිල්වා Friday, 21 June 2013 04:18 PM

මේ මිනිහ බාප්පා කෙනෙක් නෙමේ.තිරිසනෙක්.මෙම දරුවාගේ අම්මට මේවා පෙනෙන්නේ නැද්ද? මේ වගේ මිනිසුන් අදහන ආගම ධර්මය කුමක්ද ? අම්මට අනියම් ප්‍රේමය ලොකුද තම කුසෙන් බිහිකළ දරුවාට වඩා ? (නි)

:       0       0

දම් Friday, 21 June 2013 09:46 PM

කලක් යන විටදී බෑනා නන්දාට, කොසුත් නොවටීය.යුද්දය අවසන් වූ කල නරියන්ට දැන් ය වෙනුවෙන් බර ඇද්ද දකුණ අමතකය.කුහක බල්ලන් හප නොකඊ....නගුට සගවාගෙන දූවේ

:       0       0

චන්දි Saturday, 22 June 2013 10:38 AM

මේ චන්දා, ඔයා නිකන් හැමදේටම බුරන්නේ මොකද බෙන්තර ගග, මහවැලි ගග, කළු ගග මේ හැමදේම තියෙන්නේ අපේ ලංකාවේ. ඒත් කෑගල්ල තියෙන්නේ බෙන්තර ගගෙන් එගොඩ නෙවෙයි කියලා පුංචි ළමයිනුත් දන්නවා. වරුනගේත් ,ඔයාගෙත් මෝඩකම හැම දෙනාම දැන ගත්තා. අපි දන්නවා ඔය ගොඩක් පණ්ඩිත වගේ කියවන අය ගොඩක්ම මෝඩයි කියලා. මට ඔයාව අහු වෙනව නම් බෙන්තර ගගේ ඔබාගෙන ඉන්නවා පැයක්ම.(නදී)

:       0       0

නෙතුමි Friday, 21 June 2013 04:38 PM

මේ පුංචි එකාට හිරිහැර කරනකන් අම්මා කෙනෙකුට බලන් ඉන්න පුළුවන් වුන එකනේ පුදුමේ.අම්මත් එකයි බාප්පත් එකයි දෙන්නම මිනිස් වෙස් ගත්තු අමනුස්සයෝ (නි)

:       0       0

චන්දා Friday, 21 June 2013 05:04 PM

ඔය ගගෙන් එගොඩ කියන්නේ වරුණ බෙන්තර ගග නොවේද? කවුරු හරි හිතයි මහවැලි ගග කියලා නැත්නම් කළු ගග කියලා වත් (නි)

:       0       0

සම්පත් Friday, 21 June 2013 06:11 PM

වරුණලා වගේ සම හරක්ට බෙන්තර ගං භීතිකාව. හැබැයි වතුරට බය පිස්සු බල්ලෝ. (නි)

:       0       0

දමයන්ති Friday, 21 June 2013 06:34 PM

මැඩම් ඔබතුමියට පිං! (නි)

:       0       0

නිලූ Friday, 21 June 2013 02:58 PM

ගරු.මේනකා විජේසුන්දර විනිසුරුතුමියට මගේ ශිර්ෂ ප්‍රණාමය !(ස)

:       0       0

සරසි Friday, 21 June 2013 03:03 PM

පරිවාසයේදී මේ අහිංසක දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න. නපුරු නැන්දා පරිවාසේ ඉන්නවා.(නදී)

:       0       0

නුවන් ප්‍රියන්ත Friday, 21 June 2013 07:07 PM

දීපු දඩුවම නම් ගොඩක් හොදයි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 21 June 2013 07:16 PM

නූගත් මිනිස්සු. කිසිම දෙයක් ගැන හැගීමක් නැහැ. හරි නම් අම්මාවත් හිරේට දාන්න ඕනෑ (නි)

:       0       0

සරත් Friday, 21 June 2013 03:07 PM

කෑගල්ලේ ඉන්නතරමක් ඉන්න මිනුසුන් පොඩි පිරිමි ලමයින්ට හිංසා කරන අයමයි ! (ස)

:       0       0

නීල්-රානා Friday, 21 June 2013 03:08 PM

අප්පා නොමැති කල. අම්මා කවර කළ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 03:13 PM

මේ ප්‍රදේශයේ දැන් ඉන්නේ විවිධාකාර උණකාරයෝ. මැඩම්ගේ බෙහෙත් නම් පංකාදුයි. මේ උණ කාරයින්ගේ ලෙඩ නිට්ටාවටම සුවකර දුන්නොත් ,සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරන මහඟු පිනක්.(නදී)

:       0       0

වරුණ Friday, 21 June 2013 03:22 PM

සරත්, ගඟෙන් එහා පැත්තෙත් ඒ වගේමයි. (නි)

:       0       0

චන්දි Friday, 21 June 2013 03:29 PM

අනේ මෙහෙම දෙයක් කරන කල් අම්මා පොල් ගැවද මෙවැනි දූෂිතයන්ට දෙන්න දඩුවම් ලංකාවේ නැහැ. (ස)

:       0       0

කුමාරි Friday, 21 June 2013 03:35 PM

පව් අහිංසක දරුවා. කුලී වැඩක් කරගෙන හරි තනියම හිටියනම් මේ දරුවා ලොකු වුනාම අම්මව බලාගන්නවනේ. දැන් අම්මට දෙන්නම නැහැ. කොයි අම්මටත් හොද පාඩමක්. දරුවට මතු ආරක්ෂාව ලැබේවා.(නදී)

:       0       0

ආනන්ද බිටබැද්දර Friday, 21 June 2013 03:49 PM

අනේ පව් දෙවියනේ, දෙමාපියන්ගේ වරදින් අසරණ වෙන්නේ දුකට වැටෙන්නේ පුංචි මල් කැකළු. (ස)

:       0       0

රන්දි Friday, 21 June 2013 09:01 PM

තාත්තාගේ ආදරය අහිමි උන අහිංසකයට අම්මත් අහිමි උනා. මේවා බලන දකින, කාන්තාවනි දස මසක් කුස දරා ලේ කිරි කර පොවා හැදු අසරණ කිරි සප්පයන්ට, මාපිය සෙනෙහස අහිමි කරන්න එපා. කුලී වැඩක් හෝ කර එම දරුවා සමාජෙට හොද පුරවැසියෙක් කරන්න. තම දරුවට බාප්පාගෙන් තියා කිසිම කෙනෙක්ගෙන් පීඩාවක් විදින්න කිසිම අම්මෙක් ඉඩ තියන්න එපා. අනේ දෙවියනේ හැම අම්මෙකුගේම හදවතේ දරු සෙනේහය වැඩේවා.(නදී)

:       0       0

ඉන්දික Saturday, 22 June 2013 09:13 AM

මේ වගේ විනිසූරු වරියන්ට කකුල් දෙක අල්ලාගෙන වදින්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site