IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි පොකිරිස්සන් යළි මුහුදට

 ධීවර හා ජලජ සම්පත් ආඥා පනතින්  අපනයනය  තහනම් කර ඇති  කුඩා ජීවී පොකිරිස්සන් 669 ක් සහිත පෙට්ටි 8   නීති විරෝධී ලෙස වියට්නාමයට යැවීමට  උත්සහ කළ ව්‍යාපාරිකයෙක්   සහ ඒ සඳහා සහය දුන් වාප්පු ලිපිකරුවෙක්   රේගු ජෛව  විවිධත්ව ඒකකයේ නිලධාරීන් අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් අපනනයන සමාගමක හිමිකරුවෙකු බව රේගුව කියයි.  
සෙන්ටිමීටර් හයට අඩු කුඩා පොකිරිස්සන් අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ප‍්‍රමාණයෙන් විශාල පොකිරිස්සන් බලපත‍්‍රයක් යටතේ අපනයනය කළ හැකි වුවත් අදාල සමාගමට ඒ සඳහා හෝ බලපත‍්‍ර නොමැති බව රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කීවේය.
මෙලෙස නීති විරෝධී ලෙස කුඩා පොකිරිස්සන් අපනයනය කිරීමට යාමෙන් පොකිරිස්සන් ගහනය අඩුවී මෙරට පරිසර පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි බවත් කීය.
මෙම පොකිරිස්සන් සහිත පෙට්ටි ආහාරයට ගන්නා මාළු වශයෙන්  රේගුවට ප‍්‍රකාශ කර  වියට්නාමයට යැවීම සඳහා සූදානම් කර  තිබියදී  රේගු ජෛව විවිධත්ව ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් භාන්ඩ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොකිරිස්සන් සහිත  පෙට්ටිවල බර කිලෝග‍්‍රෑම් 136 කි.
මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත්  පී විජේවීර මහතාගේ උපදෙස් මත රේගු සමාජ ආරක්ෂන අංශයේ අධ්‍යක්ෂක කේ  ඞී නිකොලස්  සහ  රේගු  ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්සක ඞී. විජේසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප‍්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ, අසංක ප‍්‍රියදර්ශන, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කළහ.
මේ පිළිබඳව රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී. විජේසිරිවර්ධන මහතා විසින්  සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ එක හමාර බැගින් රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළ අතර පොකිරිස්සන්  669 දෙනා ගැඹුරු මුහුදට මුදා හැරීමට නියෝග කළේය.

 

 

 

 



අදහස් (0)

පුංචි පොකිරිස්සන් යළි මුහුදට

චතුල වෙරෝනා Friday, 17 May 2013 03:04 PM

අල්ලපු කට්ටියට හරි සන්තෝෂයි වගේ අපරාදෙ ඩෙවල් කරල ගත්තනම් කියල හිතෙනවද දන්නෙ නෑ. (ස)

:       0       0

ක්‍රිෂ් Friday, 17 May 2013 03:18 PM

මුන්ගේ දිග මනින්නේ කොහොමද ? (ස)

:       0       0

අසංක Friday, 17 May 2013 03:38 PM

කියා දුන්නට ස්තුතියි. (ස)

:       0       0

ඩිංගිරිබන්ඩා Friday, 17 May 2013 03:39 PM

පොකිරිස්සො ඩෙවල් කරල කන්නේ නැහැ. පව් මේ සත්තු උයන්නෙ පන පිටින්. මරලා උයන්නේ නැහැ කොහෙවත් හෝටල් වල. හරිම අසරන සත්තු. මේක බලන්න. https://www.youtube.com/watch?v=6Ndw8upyJKo (නි)

:       0       0

සනා Friday, 17 May 2013 03:39 PM

මරු ‍ඩෙවෙල් එක. (ස)

:       0       0

අසංක Friday, 17 May 2013 03:41 PM

මරු ඩෙවල් එක. (ස)

:       0       0

සීතා Friday, 17 May 2013 03:44 PM

ඊය මුන්ගේ හැටි. (ස)

:       0       0

සනා Friday, 17 May 2013 03:44 PM

කනකොට ඊය ගාන එකක් නෑ. (ස)

:       0       0

සීතා Friday, 17 May 2013 03:49 PM

පෙරේතකම තමා. (ස)

:       0       0

ජානි Friday, 17 May 2013 11:49 PM

ආයතනයේ නම,පුද්ගලයාගේ නම සඳහන් කරන්නේ නැත්තේ මන්ද?අපිත් ආසයි දැනගන්න. (නි)

:       0       0

සත්‍යා Saturday, 18 May 2013 01:33 AM

මේක පළවෙනි වතාව වෙන්න බැහැ. සල්ලි හොයන මගවල්. නීතියේ දුර්වලකම ,දේශපාලන අතදීම තමයි. (නි)

:       0       0

හැරිසන් Friday, 17 May 2013 05:38 PM

ග්‍රෑම් 100 ට අඩු ඉස්සෝ අල්ලන්නත් තහනම්. බිත්තර දාන්න ඉන්න ඉස්සොත් අල්ලන්න තහනම් (නි)

:       0       0

ඉන්දික Friday, 17 May 2013 05:46 PM

මෙලෝ රහක් නැහැ මුන් (නි)

:       0       0

නිහාල් Friday, 17 May 2013 05:58 PM

ඔය පොකිරිස්සෝ ඔක්කොම මුහුදටම යනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නීල් Friday, 17 May 2013 01:41 PM

පොඩි එකානේ

:       0       0

සනත් Friday, 17 May 2013 06:06 PM

මම නම් හිතන්නේ මේක මේ පළවැනි වතාවට වෙන්න බැහැ. කොතනක හරි අවුලක් වෙන්න ඇති. (නි)

:       0       0

කෝලිත Friday, 17 May 2013 02:00 PM

මුහුදද දමන්න තිබුනේ පොකිරිස්සන්ව විතරක් නෙමෙයිනෙ ? (ස)

:       0       0

අමල් Friday, 17 May 2013 02:07 PM

මුන් සෙන්ටිමීටර් 6 ට වඩා නම් දිගයි. (ස)

:       0       0

ශාමන් Friday, 17 May 2013 02:08 PM

මුන්ගේ දිග මනින්නේ කොතන ඉදන් කොතනටද ? (ස)

:       0       0

අසංක Friday, 17 May 2013 02:08 PM

මුන්ට වතුර නැතුව ඉන්න පුලුවන්ද ? (ස)

:       0       0

හේමන්ත Friday, 17 May 2013 02:10 PM

පොකිරිස්සෙක්වත් කොහේ ඉතුරු වෙන්නද ? (ස)

:       0       0

පසිඳු Friday, 17 May 2013 02:26 PM

මේ පොකිරිස්සෙකුට පැය 6 කට වඩා වතුර නැතුව ඉන්න පුළුවන්. පැය කිහිපයක් තුල මුහුද තිබෙන දිශාව සොයාගෙන කිලෝමීරට කිහිපයක් ගමන් කර මුහුද සොයාගන්නත් පුළුවන්.(ස)

:       0       0

හේමන්ත Friday, 17 May 2013 02:32 PM

අනේ ඒ වැඩේ නම් 100 හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site