IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලූ ගැසට් නිවේදන ලබන මස මුල් සතියේදී නිකුත් කරන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත.ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට ගැටලූවක් මතු නොවන බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන ලෙස සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ද ඉල්ලීමක් කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසය තුළ පැවැත්වීමට හැකිවන ලෙස අදාළ ගැසට් නිවේදන හැකි ඉක්මනින් නිකුත් කරන්නැයි පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාට උපදෙස් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් ඇමැති කබීර් හෂීම්, සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර, ඇමැති ෆයිසර් මුස්තාපා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ඇමැතිවරුන් වන රිෂාද් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 3 වැනි සතියේදී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ. ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මාසයේදී සිදුවන ඇති බවද දැනගන්නට තිබේ.



අදහස් (12)

පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක්

Perakum Wednesday, 25 October 2017 04:57 AM

කියන ව්ධියට කෙරුනොත් ලොකු දෙයක්. වැඩේ කෙරෙන කල් මට නම් විස්වාසයක් නෑ

:       1       103

Deepal Nirosh Wednesday, 25 October 2017 05:00 AM

වෙන මොනවද? අපි වෙනුවෙන් අපි, අහෝ මැකෝ....

:       1       36

Rasitha Wednesday, 25 October 2017 05:33 AM

මරු නායකයෝ ටික, මේ ටිකම තමයි මෙච්චර කල් චන්දෙ පරක්කු කරේ, උසාවි නියෝගය දෙන්න ළඟ නිසා බොරුවට දින වකවානු කියනවා, කොරන්න ඕනේ දේ නොකර (ගැසට් ) රටම නොමග යවන්න දින වකවානු කියනවා ,දැන් ඕනේ පොඩි දරුවෙකුටත් තේරෙනවා දේශපාලන උවමනා කෝන්තර මත මේ නායකයෝ ටික චන්ද කල්දාල තිබෙන බව ..

:       2       401

amith Wednesday, 25 October 2017 06:38 AM

නිදහස් පක්ෂේ ජය නියතයි.

:       253       92

shelton Wednesday, 25 October 2017 06:44 AM

බාලගිරි දෝසය. ඒ කියන්නේ මේකනම් තියන පාටක් නැහැ වගේ.

:       3       28

siri Wednesday, 25 October 2017 08:13 AM

දෙකට බෙදිලා තරඟ කලොත් ජය කාටද? පිට කෙනෙකුට මිස !!!

:       0       1

ධම්මික Wednesday, 25 October 2017 08:21 AM

කොහොම නමුත් රටේ ජනතාවට ඉක්මනට ඡන්දයක් අවශ්‍ය වෙනවා. ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට කෘතගුණ සලකන්න. නැත්නම් ඒක මදි පුංචි කමක්.

:       1       89

PerakumWednesday, 25 October 2017 09:25 AM

ධම්මික අපේ රටේ මිනිස්සු කෘතගුණ සැලකීමට නම් හරි දක්ෂයි තමයි. එ්ත් හරි තීන්දුවක් ගන්න හැටි තවම දන්නේ නැහැ. ඒ නිසා තවත් හොරු කට්ටියකට චාන්ස් එකක් ඒවි. අපිට ඉතින් කොමෙන්ට් කරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.

:       1       18

aseWednesday, 25 October 2017 10:01 AM

මතකද පාරක් කළගුණ සැලකුවා

:       0       2

Dinesh Kumara Wednesday, 25 October 2017 09:22 AM

ජවිපෙ දිනනවා සහතිකයි. ජවිපෙට ජයවේවා !!!

:       269       137

janatha anura Wednesday, 25 October 2017 10:14 AM

යහපාලනය ජය ගන්නවා

:       53       1

hafeel Wednesday, 25 October 2017 10:45 AM

ඡන්දය තියෙනකන් විශ්වාස කරන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1561 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site