IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් 3ක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අතරමැදි පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශ්කේෂර් චන්ද්‍රශේකර් මහත්වරුන් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම සුදුසුකම් ලත් ඡන්දදායකයන් බවත් පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථාදායක අයිතිවාසිකමක් බවත් එය මූලික අයිතිවාසිකමක් බැවින් මැතිවරණය නිසි කලට පැවැත්විය යුතු බවත්  නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ගොනුකර ඇති මෙම අතරමැදි පෙත්සම්වල මෙසේද සඳහන් වේ.

ඒ අනුව මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති මෙම රිට් පෙත්සම නීතියට පටහැනි බවත් අදාල තොරතුරු අධිකරණයෙන් වසන් කර ඇති බවත් එම පෙත්සම් වල දැක්වේ.එබැවින් මෙම අතරමැදි පෙත්සම්වලට අවසර ලබාදෙන ලෙසද පළාත් පාලන මැතිවරණයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (2)

පුංචි ඡන්දෙට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් 3ක්

fairoos Monday, 09 January 2023 07:08 PM

අනිවාර්යයෙන්ම චන්දයක් අවශ්‍යයි .නැත්නම් රනිල් රාජපක්ෂලා රට නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ

:       2       7

Lal Tuesday, 10 January 2023 12:22 AM

කරුණාකර මැතිවරණ එපා

:       9       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site