IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්දෙට අලුත් නම් ගන්න කැබිනට් අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (23)  හිමිව ඇත.

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව මත පදනම්ව නව පනත් කෙටුම්පත සකස් කළ බව
පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.

එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බව අමාත්‍යාංශය පවසයි.

පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එම කටයුතු අවසන් වීමෙන් පසු වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව ඔහු කීවේය.

පළාත් පාලන මැතිවරණය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

පුංචි ඡන්දෙට අලුත් නම් ගන්න කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site