IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්

(ගයාන් සූරියආරච්චි)

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට හැකි වූ අතර එමගින් එක්සත් ජාතික පක්ෂය පදනමක් ඇතිව නැවත යථා තත්ත්වයට ගැනීමට හැකියා ඇති බවද විජයවර්ධන මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසූවේ කොළඹ මල්පාර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවැසුවේ මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්දය ලබාදුන් සියලු දෙනාටම ස්තූතිය පුදකරන අතරම මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට ද හැකියාව ලැබුණු බවය.

ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනාම එකට එකතුවී ඉදිරි මහා මැතිවරණයේදී හොද ප්‍රතිඵලයක් ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන ද විජයවර්ධන මහතා පැවැසීය.



අදහස් (3)

පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්

සෙනෙවිරත්න Friday, 09 May 2025 06:53 AM

මෙන්න වෙරවූ මීයෙක්, පචයො කවුද කියල රටම දන්නවා. මාමගෙ නැට්ටෙ එල්ලිලා පොරක් වෙන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නැහැ. ඔයාටම හරියනව අපි ගාල්ලෙන් එවපු කොට මෑන්.

:       1       2

Athula Friday, 09 May 2025 01:25 PM

ඔබලාට බැහැ කියපු සේරම දැන් ලාබ ලබනවා. නය කඳු විතරයි ඔබලා ගොඩ ගැහුවේ.. ඒවා පචද..? Wifi laptop කොහොමද..? Woxwagan කෝ.?

:       2       0

ප්‍රියන්ත Friday, 09 May 2025 03:46 PM

එසේ පැරදවිය යුතු නම් කළ යුත්තේ අනිකුත් පක්ෂ සමඟ ඩීල් දමා පරණ පුරුදු විදියට නොව, තමුන්ගේ පක්ෂය මහජනතාවගේ සහයෝගය ලබාගෙන බව හිතාගන්න දැන්වත් මොවුන්ට මොලේ පෑදී නැත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site