IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘පුංචි ආණ්ඩුවල නඩත්තු එහි ආදායමෙන් කරන්න‘‘

(දයාසීලි ලියනගේ)

පළාත් පාලන ආයතන අරමුදල් හා පළාත් සභා අරමුදල් යොදවා පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය පොදු පහසුකම් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාමට සුදුසු පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.

දැනට ඇති වී තිබෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සීමා කිරීමට සිදු වී ඇති බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන විසින් පොදු මහජනතාව වෙත සපයන සේවා වෙනුවෙන් බදු මුදල් බලපත්‍ර ගාස්තුව සහ වරි පනම් වැනි අය කිරීම් සිදු කරන බැවින් රැස් කරනු ලබන ආදායම උපයෝගී කර ගනු ලබමින් එම බල ප්‍රදේශවල වර්ෂාවෙන් හා ජල ගැලීම්වලින් හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස ද ලේකම්වරයා දැනුම් දී ඇත.

 



අදහස් (6)

‘‘පුංචි ආණ්ඩුවල නඩත්තු එහි ආදායමෙන් කරන්න‘‘

sharm warn Wednesday, 19 October 2022 10:42 AM

මෙ රටෙ පුංචි ආන්ඩු කියල ජතියක් තියෙනවද? කවදද එහෙම දේවල් ඇති කලෙ? දන්නැති කමට අහන්නෙ. .

:       0       4

Surangodage Wednesday, 19 October 2022 10:55 AM

වරිපනම් අයකලත් කරන කෙංගෙඩියක් නැහැ 1970 මුල් කාලයේ ගැසට් කල අපේ මාර්ග වලට කරන අවහිරකම් ඉවත්කර දෙන්න කිව්වට කරන්නෙ නැහැ T O ලා හා සභාවල වැඩකරන නිළධාරින් ඔවුන්ට අවශ්‍ය පරිදි අනවසර ඉදිකිරීම් අනන්ත කරනවා වැහිපීලි පාරට හරවනවා වැහි වෙලාවෙ පාරෙ යන්න බැහැ මාර්ග කැඩුනම හදන්නෙ නැහැ මෙම ආයතන සදහා මුදල් දීමත් අපරාධයක් කියන්න පුළුවන් මෙහෙම කරන නියෝජිතයන් හා නිළධාරින්ට විරුද්ධව කටයුතු කිරීමත් කරන්න ඕන

:       0       7

ජයරත්න Wednesday, 19 October 2022 11:34 AM

දුකට පත්වෙලා ඉන්න ජනතාවගේ රීරිමාංශෙත් කන්නයි හදන්නෙ. පළාත්පාලන ආයතන විසුරුවල දැම්මනම් මහජන මුදල් කෝටි ගානක් ඉතිරිවෙනවා .

:       0       4

භූමිපුත්‍ර Wednesday, 19 October 2022 12:52 PM

පුංචි ආණ්ඩු නොවෙයි, මධ්‍යම ආණ්ඩුවල වෙබ්සයිඩ්වලට ගියාම බලන්න පුළුවන් ඔවුන් ඒවා හඳුන්වා දුන්නේ කොහොමද කියලා. එකක කියාවි ප්‍රාන්ත රජය කියලා තවත් එකක කියාවි තවත් එකක්... මෙහෙම කිව්වම මේ රට ඒකීය වෙන්නේ කොහොමද? මේ රට ඒකීය රටක් නම් වහාම පළාත් සභා අහෝසි කරන්න ඕනෑ..!

:       1       2

භූමිපුත්‍රWednesday, 19 October 2022 06:19 PM

මධ්‍යම ආණ්ඩුව කිව්වේ පළාත් සභාවලටයි. එහි මම අදහස් කලේ පුංචි ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුව හා ඉහළ ආණ්ඩුව ලෙසට හිතලා ඩිස්ලයික් දාපුකෙනා චෙක්කරලා බලන්න... පළාත් සභා සියල්ලම ඔවුන් ස්වාධීන ආයතන ලෙසට තොරතුරු ඇතුළත් කරලා තියෙනවා..!

:       0       0

fairoos Wednesday, 19 October 2022 01:42 PM

මේ රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයට යහපතක් නම් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site