IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පංචිකාවත්තේදී පොලිස් වාහනවලට පහර දුන් තවත් අයෙක් අල්ලයි

(ඉන්දිකා   රාමනායක)

මරදාන පංචිකාවත්ත  ප්‍රදේශයේ දී  නියෝජ්‍ය පොලිස්පති ටී.පී  ගම්ලත්  මහතාට සහ  පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට  ඉකුත් මැයි මස  (9) දින  පහර දී ඔවුන් ගමන් ගත් මොටර් රථවලට පහර දී ගිනි තැබීම සහ  පොලිස් අධිකාරිවරයා  සතුව තිබු රාජකාරි ගිනි අවිය පැහැරගත්  ගැනීම සම්බන්ධයෙන් සමග 31 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුම මගින් අත්අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත  ලක්සෙත සෙවන   මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ  අපරාධ   විමර්ශන   අංශ  විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන  ඇත.

ඉකුත් මැයි මස 09 දින පංචිකාවත්ත මන්සන්ධියේ ඇති  වු කළහාකාරි  සිද්ධියක්  අතරතුර එම මාර්ගයේ  ගමන්  ගත් නියොජ්‍ය පොලිස්පතිවරයාට හා  පොලිස් අධිකාරිවරයාට  ඔවුන්ගේ නිළ රථ පැදවු පොලිස් කොස්තාපල්   රියදුරන්ට පහර දී, එම වාහන පැහැරගෙන ගොස් ඒවායේ  අමතර කොටස්  ගලවා  , එම වාහන වලට  ගිනි තැබීම සදහා  මෙම සැකකරු ඇතුලු   කණ්ඩායමක් සහභාගි වී ඇති බව  පොලිසිය පවසයි.

පොදු දේපළ පනත දණ්ඩනීති සංග්‍රහ හා   තුවක්කු ආඥාපතන යටතේ  නීති මගින් කටයුතු කරන බවද පවසයි.

මීට පෙරද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්  දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර  පොලිස් අධිකාරිවරයාගේ නිළ රථයෙන් ගලවාගත් කොටසක් එක්  සැකකරුවෙක් බාරයේ තිබී සොයාගෙන  ඇත.



අදහස් (3)

පංචිකාවත්තේදී පොලිස් වාහනවලට පහර දුන් තවත් අයෙක් අල්ලයි

Bamunuarachchi Wednesday, 17 August 2022 07:07 AM

අරගලකරුවනී දැන් නීතිඥයෝ පෝලිමේ ඒවී උඹලා බේරා ගන්න. කෝ කුරුටුගාමී කෝ ගෝ..යියෝ?

:       0       1

ShammiWednesday, 17 August 2022 09:27 AM

මේ අර හොරා පොලිස් බමුණුආරච්චිද?

:       0       0

BamunuarachchiWednesday, 17 August 2022 09:39 PM

ප්‍රසන්න ඇමති කිව්ව කෙනෙකුට තරහ‍ා ගිහිල්ලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1037 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site