IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පගා ගන්න තැනක් විනිසුරු පෙන්නයි

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩක් කර ගැනීමට පිට පළාතකින් ගිය විට පගාව ඉල්ලන බවත් පගාව නුදුන්නොත් විවිධ අඩුපාඩු පෙන්වා වැඩේ මග හරින බවත් මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැවසීය.

විනිසුරුවරයා එසේ පැවුසවේ රාජ සන්තක කළ ත්‍රිරෝද රියක් ලියාපදිංචි කරවා ගැනීමට ගිය පුද්ගලයකු විවිධ අඩුපාඩු පෙන්වා එය ප්‍රමාධ කරනුයේ ඇයිදැයි විමසීමට කැඳවූ නිලධරයකු අමතමිනි.

 

 



අදහස් (0)

පගා ගන්න තැනක් විනිසුරු පෙන්නයි

රෝහණ Sunday, 27 July 2014 01:24 AM

නිහාල් ඔයා හරියටම හරි. ලිපි ලේකන අඩුවෙන් නම් එතන වැඩ කරගන්න පුළුවන්.( ඒකට හැබැයි ඉතින් මොනර කොළ අවශ්‍ය වෙනවා) (නදී)

:       0       0

කමල් Friday, 25 July 2014 12:43 PM

මේවායේ ඇත්ත නැත්ත හොඳින් සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

දයාරත්න Friday, 25 July 2014 12:47 PM

ශ්‍රී ලංකාවේ මේවාට බෙහෙත් නැත. (නි)

:       0       0

දිමුතු Friday, 25 July 2014 01:01 PM

ගරු විනිසිරුතුමනි, බොහොම ස්තුතියි. අපි බලා පොරොත්තුවෙනවා ඉදිරියේදී අනිත් පගා කාරයෝ ගැනත් කවුරු හරි කතා කරාවී කියලා. මට දුක අල්ලස් කොමිසම ගැන. අනිසි විදිහට කෝටි ගණන් හොයපු සුදු ජාතික ඇඳුම අදින සමහර අයගේ ෆයිල් මිටි බැඳලා දුමේ දාලද කොහෙද? (නදී)

:       0       0

අපොන්සු Sunday, 27 July 2014 04:20 AM

පගා ගැනීම හෙළ සංස්කෘතියේ අංගයක්. බටහිර දැනුම නිසා මොලේ විකෘති කර ගත්ත අයට හෙළ සංස්කෘතිය අරහන්. ඒ ගොල්ලන්ට ඕන හෙළ සංස්කෘතිය බටහිර සංස්කෘතියේම කොපියක් කරන්නයි. අපේ විදිය අපිට හොඳා. (නදී)

:       0       0

පාරා Friday, 25 July 2014 01:48 PM

රජයේ 99.99%ක් ම එහෙම තමයි. මොකද එයාලටම නේ හැම බජට් එකකින්ම පඩි වැඩිවෙන්න සියලු පහසුකම් වරප්‍රසාද හිමිවන්නේ. ඉතින් අනිත් සිවිලියන්සලා මුකුත් නැතිව බකන් නිලන් ඉන්න නිසා එයාල එහෙම කරනවා. (නදී)

:       0       0

සමරසේකර Friday, 25 July 2014 02:31 PM

පාරා, අර පෙරේරා වෙන මොකක් හරි පුද්ගලික ආයතනයකට ගිහිල්ලා කරගත්තු වැඩක් ගැන, මතකය අඩු වෙලා කියනවා ඇත්තේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියලා. අපි ගියොත් නම් පිදේනිය ඉල්ලනවාමයි. දෙන්නම ඕනේ. (නදී)

:       0       0

විපුල Friday, 25 July 2014 03:50 PM

මම මගේ වාහන දෙකක ලියාපදිංචි නම් වෙනස් කර මගේ නමට හරවා ගත්තා බැංකුවට පමණක් සල්ලි ගෙවලා. (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Friday, 25 July 2014 04:27 PM

පගා නොගන්න තැනක් පෙන්නුවොත් මම පගාවක් දෙනවා (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Friday, 25 July 2014 05:58 PM

ඔව් සමරසේකර මම හිතන්නෙත් පෙරේරා දැකපු හීනයක් ගැනද මෙි කියන්නෙ කියලා. (නදී)

:       0       0

මනෝ Saturday, 26 July 2014 02:00 AM

ඕක විතරක් නෙමේ කස්ටම් එක. (නදී)

:       0       0

පෙරේරා Saturday, 26 July 2014 03:18 AM

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැන මගේ අද්දැකීම් ගැන ප්‍රකාශ කෙරුවම නොයෙකුත් උපහාසාත්මක කියමන් මෙතන යොදල තියෙනවා සමහරුන්. ඊට හේතුව ඒ කිසි කෙනෙක් අල්ලසක් දෙන අවස්තාව ආවම ඊට ඉහල සිටින නිලධාරීන්ව හමුනොවීමයි. මම ඔය දෙපාර්තමේන්තුවේ වැඩක් කරගන්න යනවිට ඒ වැඩේට අවශ්‍ය සියලු ලිපි ලේඛන අඩුවක් නැතුව අරන් යනවා කිසි කෙනෙකුට ප්‍රශ්න කරන්න ඉඩක් තියන්නේ නැතුව. අවස්ථා කීපයකදී පහළ නිලධාරින් බාධා පමුණුවන්න වෙර දැරුවත් මම කලේ ඊට ඉහල සිටින නිලධාරියාව හම්බුවීමයි. එවැනි අවස්ථා කීපයකදී නියෝජ්‍ය කොමසාරිස්තුමන්ලා ගාවටත් යන්න සිදුවුනා හැබැයි ඒ කිසි කෙනෙක් මම අඳුරන්නෙත් නැහැ ඒ කිසි කෙනෙකුට කීයක්වත් දෙන්නේ නැතුව වැඩෙත් කරගත්තා. අන්තිමට මම දැන් මාස හයකට කලින් අලුත් වාහනයක් ලියාපදිංචි කරගත්තා. ඔය දෙපාර්තමේන්තුවේ කිසි කෙනෙකුට කීයක්වත් අල්ලසක් දෙන්නේ නැතුව. මට පුළුවන් වුනා නම් අනිත් අයට බැරි ඔවුන්ගේ නොහැකියාවයි. (නදී)

:       0       0

චමින්ද Friday, 25 July 2014 10:48 AM

ඕකට පිට පලාතකින් ආවා කියලා විශේෂත්වයක් නැහැ. අහල පහල අයට බෙදන්නෙත් ඔතන කට්ටිය එකම හැන්දෙන්ම තමයි. (අ)

:       0       0

නිහාල් Friday, 25 July 2014 10:49 AM

අනේ අප්පොච්චියෙ අපේ විනිසුරු තුමා අද ද ඕක දන්නෙ. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සියලුම ලිපි ලේඛන තියන වාහනෙක වැඩ කරගන්න අමාරු උනාට . ලිපි ලේඛන මොකුත්ම නැති වාහන වල වැඩ විනාඩියෙන් කරගන්න පුලුවන්. (අ)

:       0       0

අජන්ත Saturday, 26 July 2014 04:48 PM

පෙරේරා , ඔයාටත් කවුරු හරි ලොකු පගාවක් දීල තියෙනවා. ගොඩක් දේවල් ලියනවට වඩා මගේ රුදිරය පිරිසිදු කරගෙන නිහඩ වෙන්නම්. (නදී)

:       0       0

සැම්සන් Saturday, 26 July 2014 05:02 AM

පෙරේරා මහතා වැඩ කරන්නේ එතැනද ? (නදී)

:       0       0

බමුණු Friday, 25 July 2014 11:28 AM

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව පගා ගන්නේ කවුන්ටරය උඩින්. (ස)

:       0       0

කිංග්ස්ලි Saturday, 26 July 2014 07:05 PM

පගා නොදුන් බලපත් හිමියෙක් ලංකාවේ කොහෙවත් නැහැ (නදී)

:       0       0

පෙරේරා Friday, 25 July 2014 11:50 AM

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැන නොයෙකුත් විෂමාචාර කතා අහන්න ලැබුවත් මම මගේ රියදුරු බලපත්‍රය ගැනීමේ සිට කීප වතාවක් අලුත් වාහන ලියාපදිංචි කිරීම්, මාරු ලියාපදිංචි කිරීම් ආදී වැඩ රාශියක් කරගෙන තියෙනවා එතන ඉන්න කිසි කෙනෙකුව මම දන්නෙවත් නැතුව එතන ඉන්න කිසි කෙනෙකුට සත පහක්වත් දෙන්නේ නැතුව. (නදී)

:       0       0

රාමා Friday, 25 July 2014 11:50 AM

නිහාල් කියපු දේ හරියටම හරි (නදී)

:       0       0

මාලි Friday, 25 July 2014 11:52 AM

අපේ විනිසුරුතුමා අදද ලංකාවට සැපත්වුනේ අපි නම් මෙය කලින් දන්නවා ඒත් කරන්න දෙයක් නෑ (නදී)

:       0       0

සංගදාස Saturday, 26 July 2014 11:32 PM

පෙරේරා මහතාගේ ප්‍රවුඩත්වය, දැකුම්කලු පෙනුම, ලංකා තිලක්ගේ සහ බන්දුල පෙරේරාගේ මෙන් මුකරිකම යනාදී බොහෝ කරුණු කාරණා නිසා එතුමාට සියලු දේ ඉතා පහසුවෙන් නොමිලේම සිද්ධ කරගන්නට පුළුවන් කම ලැබෙන්න ඇති. නමුත් ඒ කිසිවත් නැති අපේ සොකඩ,පෙනුමත් නිසා, අල්ලසක් නොදී කිසිවක් කර ගැනීමට බැරි වීම, අපේ නොහැකියාවම තමයි. ඒක ඉතින් අපේ කරුමේ.(නදී)

:       0       0

දර්ශන Friday, 25 July 2014 12:01 PM

මමත් ඕකේ රස්සවක් හෙව්වා... (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 25 July 2014 12:25 PM

ගරු විනිසුරුතුමනි, ඕක දැන් සාමාන්‍ය දෙයක් වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site